මැතිවරණ රැස්වීම් සඳහා සෙනඟ සැපයීමට ඇතැම් දේශපාලන පක්ෂ මෑන් පවර් ආයතනවල සහය ලබා ගන්නා බව හිටපු අධිකරණ, බන්ධනාගාර අමාත්‍ය ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු පවසා ඇත්තේ මුදල් ගෙවූ පසු ඕනෑම දේශපාලන පක්ෂයක මැතිවරණ රැස්වීමක් සඳහා සෙනඟ සැපයීමට එම මෑන් පවර් ආයතන කටයුතු කරන බවයි.
අදාළ ආයතන එක් පුද්ගලයෙකු සදහා අයකරන ගාස්තුව ඔහු රැස්වීමෙහි රැදී සිටින කාලය අනුව තීරණය වන බව විජයදාස රාජපක්ෂ මහතා මෙහිදී පවසා සිටියා.
ඒ අනුව, යම් අයෙකු රැස්වීම අවසන් වන තුරු රැඳී සිටිය යුතු නම් රුපියල් 3000ක් පමණ මුදලක්ද කෙටි කාලයක් සදහා නම් රුපියල් 1500ක පමණ මුදලක්ද අදාළ ආයතන විසින් අය කරගන්නා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.