31 C
Colombo
Wednesday, May 21, 2025

කටුකුරුන්දේ දුම්රිය අනතුර සියදිවි නසාගැනීමක් බවට අනාවරණයක්

- Advertisement -

කළුතර කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී තිදෙනෙකුට දිවි අහිමි කරමින් ඊයේ (12) රාත්‍රියේ සිදුවූ දුම්රිය අනතුර සියදිවි නසා ගැනීමක ප්‍රතිඵලයක් බවට පොලීසියට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

පොලීසිය සැක පළකරන්නේ සිද්ධියෙන් මියගිය 21 හැවිරිදි පුද්ගලයා ඔහුගේ බිළිඳා ද රැගෙන කෝච්චියට පැන ඇති අතර, එය වැළැක්වීමට උත්සාහ දැරීමේදී අසල්වැසි පුද්ගලයා කෝච්චියේ ගැටී ඇති බවටයි.

ඉන් නාගොඩ වෙනිවැල්කැටියේ පදිංචිකරුවන් වූ 21 හැවිරිදි තරුෂ අසංක ඔහුගේ අවුරුදු 01 යි මාස 10 ක් වයසැති බිළිඳා වන සනුල් මිතේෂ් සහ ඔවුන්ගේ අසල්වැසියෙකු වූ 49 රොෂාන් ජානක නමැත්තා ජීවිතක්ෂයට පත්වී තිබුණා.

මියගිය තරූෂ අසංක නමැත්තා දුම්රියට පැන සියදිවි නසාගන්නා බවට නිවැසියන්ට පවසා සිය බිළිඳු පුත්‍රයාද කැටුව දුම්රිය ස්ථානයට පැමිණ ඇති අතර ඒ බව සැලවූ ඔවුන්ගේ අසල්වැසියෙකු වන රොෂාන් ජානක නමැත්තා කඩිනමින් එම ස්ථානයට ගොස් තිබෙනවා.

එහිදී අසංක බිළිඳා සමග දුම්රිය වේදිකාවේ රැඳී සිටිනු දැක ඔවුන් ඉවත් කිරීමට ඔහු උත්සහා ගත්තද, තිදෙනාම දුම්රියේ ගැටී දුම්රිය මාර්ගයට ඇදවැටුණු බව වාර්තා වනවා.

අනතුරෙන් වැඩිහිටි පුද්ගලයන් දෙදෙනා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර දරුවා මියගොස් ඇත්තේ කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමේදීයි.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර පොලීසිය සිදුකරන විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ, මියගිය 21 හැවිරිදි පුද්ගලයා දැඩිලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවෙකු වන අතර බිරිඳ මානසික ආබාධයක් සහිත තැනැත්තියක් බවයි.

නිවැසියන්ගේ ප්‍රකාශ අනුව මෙය සියදිවි නසා ගැනීමක් බවට අනාවරණය වන්නේයැයි පොලීසිය පවසනවා.

RECENT ARTICLES - SINHALA

කොළඹ ඇල මාර්ග සහ කාණු පද්ධති පිරිසිදු කරන්න ජනපතිගෙන් උපදෙස්

කොළඹ දිස්ත්‍රික්කය තුළ ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු සහ චිකන්ගුන්යා රෝගය වැළඳීමේ ප්‍රවණතාව වැඩිවීමක් දක්නට ලැබෙන බැවින්, ඇළ මාර්ග සහ කාණු පද්ධතිය කඩිනමින් පිළිසකර කිරීමට...

ගුවන්තොටුපළ ගොඩනැගිල්ලක් නිසා කෝටි ගාණක් වතුරේ

5.44%ක් පමණ වූ තත්‍ය ප්‍රගතියට මගී පර්යන්ත ගොඩනැගිල්ල හා ආශ්‍රිත ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව සඳහා ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගම විසින් තායිසේ සමාගම වෙත රුපියල් බිලියන...

ආණ්ඩුව විගණකාධිපති පිටින් ගේන්න හදනවා-හර්ෂ

මේ වන තෙක් විගණකාධිපති තනතුර සඳහා පත් කිරීමක් සිදුකර නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසා සිටියා....

POPULAR ARTICLES