29.5 C
Colombo
Wednesday, July 9, 2025

මත්තල ගුවන් මෙහෙයුම් බදු දීම ගැන යළි අධ්‍යයනයක්

- Advertisement -

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මෙහෙයුම් ඉන්දු රුසියානු සමාගම් දෙකකට පැවරීමට ‍ගෙන ඇති තීරණය සම්බන්ධ‍යෙන් යළි අධ්‍යයනයක් කිරීමට වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ, මෙහෙයුම් කටයුතු භාරදීමට තීරණය කළ ඉන්දීය සමාගම මේ වනවිට අමෙරිකාව විසින් අසාදු ලේඛනගත කර ඇති බවයි.

එවැනි තත්ත්වයක් යටතේ ගුවන් තොටුපොළේ මෙහෙයුම් එම සමාගමට ලබාදීම ගැටලු සහගත වී ඇති බව ඔහු පෙන්වා දෙනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, මෙහෙයුම්වල ලාභය බෙදා ගැනීම සම්බන්ධ කොන්දේසිද රජයට අවාසි දායක බවයි.

ඒ අනුව අදාළ තීරණය අධ්‍යනය කර කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කර ඉන් ලැබෙන නිර්දේශ මත ඉදිරි පියවර ගනු ඇති.

දැනට ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම විසින් මත්තල ගුවන් තොටුපොළේ මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, මේ වනවිට සතියකට එක් ගුවන් යානයක් පමණක් මත්තල ගුවන් තොටුපොළට ගොඩබස්වන බවයි.

RECENT ARTICLES - SINHALA

රාජාංගණයේ හිමි ගැන මානසික වෛද්‍ය වාර්තාවක් ගන්න නියෝගයක්

අශෝභන සහ අශිෂ්ඨ වචන භාවිතා නොකරන ලෙසට ඇප කොන්දේසියක් පනවා ඇති රාජාංගණයේ සද්ධාරථන හිමියන් "රාජාංගණයේ හාමුදුරුවෝ" යන යූ ටියුබ් නාලිකාවේ පළකර ඇති වීඩියෝ තුළින්...

අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනුකාරක සභාව ප්‍රථමවරට රැස්වෙලා

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් පත්කරන ලද ‘අධ්‍යාපන සභාව’ පිහිටුවීම පිළිබඳ අනු කාරක සභාව ප්‍රථමවරට රැස්වුණා. ඒ...

වතුර පරිස්සමින් පාවිච්චි කරන්න

පවතින වියලි කාලගුණික තත්ත්ව හේතුවෙන් සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉතා කාරුණිකව...

POPULAR ARTICLES

රාජාංගණයේ හිමි ගැන මානසික වෛද්‍ය වාර්තාවක් ගන්න නියෝගයක්

අශෝභන සහ අශිෂ්ඨ වචන භාවිතා නොකරන ලෙසට ඇප කොන්දේසියක් පනවා ඇති රාජාංගණයේ සද්ධාරථන හිමියන් "රාජාංගණයේ හාමුදුරුවෝ" යන යූ ටියුබ් නාලිකාවේ පළකර ඇති වීඩියෝ තුළින්...

ඉන්දියාවේ පාලමක් කඩාවැටී පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පාලමක් කඩාවැටීමෙන් පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වසර 40ක් පැරණි මෙම පාලමෙහි කොටසක් කඩා වැටීමත් සමග ට්‍රක් රථ දෙකක්, මෝටර් රථයක්...