32 C
Colombo
Friday, March 29, 2024

රාජපක්ෂවරුන්ගේ අම්මගෙ නමින් පාරක් නම් කෙරේ

- Advertisement -

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ පරලෝ සැපත් මෑණියන්වන දෝන දන්දිනා රාජපක්ෂ මැතිණියගේ නමින් පාරක් නම් කර තිබෙනවා.

ඇඹිලිපිටිය කොන්ක්‍රීට් යාඩ් මාවත කාපට් අතුරා සංවර්ධනය කිරීමෙන් අනතුරුව “දෝන දන්දිනා රාජපක්ෂ මාවත” ලෙස නම් කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

ඒ දන්දිනා රාජපක්ෂ මැතිණියගේ 41 වන ගුණානුස්මරණයට සමගාමීවයි.

එම ගුණානුස්මරණ උත්සවය පසුගියදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇඹිලිපිටිය ඩී.ඒ.රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා.

මීට පෙර මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය දරන සමයේදී රාජපක්ෂවරුන්ගේ දෙමාපියන් වන ඩී.ඒ. රාජපක්ෂ හා දන්දිනා රාජපක්ෂ මහත්මිය සිහිපත් කරමින් කෞතුකාගාරයක්ද ඉදිකළා.

එම කෞතුකාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන් එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩුවක් ගොනු කළා.

ඒ රුපියල් මිලියන තිස් හතරකට ආසන්න රජයේ මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි වන චෝදනාවකටයි.


RECENT ARTICLES - SINHALA

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

ශ්‍රී පාද වන්දනාවේ ගිය විදේශිකයෙක් ප්‍රපාතයකට වැටිලා

රත්නපුර - ශ්‍රී පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදී ආරක්ෂිත වැටෙන් මිටර් 100ක පමණ ප්‍රපාතයට විදෙස් ජාතිකයෙක් ඇද වැටී තිබෙනවා. ඉන්දීය ජාතිකයෙකු වූ අදාළ විදේශිකයා පසුව...

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් දෙන්නෙක් පැනල ගිහින්

අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිරකඳවුරෙහි මහජනතාවට විවෘත කර ඇති ආපනශාලාවේ සේවය කළ සිරකරුවන් දෙදෙනෙකු අද (29) දහවල් එම ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා. බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...