33 C
Colombo
Saturday, April 20, 2024

ගිනිබත් වූ නැව පිළිබදව නාවිකයෙකුගේ සටහනක්

- Advertisement -

මෑතකදී ශ්‍රී ලංකා මුහුදු තීරයේ සිදුවුන අනතුර නිසා Social media වල පල වන මිනිසුන් නොමග යවන ඇතැම් posts දුටුවෙමි,ඒ නිසාම මා දන්නා දේ ඇසුරින් ඔබව දැනුවත් කරන්නට සිතුවා.

මුලින්ම නාවික රැකියාවක් කරන කෙනෙකු ලෙස,

නාවිකයෙකු විදිහට නැවේ ප්‍රශ්නයක් නම් එයි ජීවිත හානියක් ඇතිවීමේ අවදානමක් ඇතිනම් අපි මුලින්ම කරන්නෙ ළඟම ඇති රටකට ඇතුලු වීමයි . එයට නෞව්කා වලට පමණක් නොව ගුවන් යානා වලට පවා අදාලය . නමුත් රටකට ඇතුලු වීමේදි එම රටින් අවසර ගත යුතුය . මම දන්නා පරිදි ලංකාවේ නම්,

  • Ministry of Defense
  • Imigration
  • Port Athority සහ
  • Coustom යන ආයතන වලින් අවසර ලැබිය (Approve) යුතුය . තවද මම නිවැරදි නම් ලංකාවේ Agent කෙනෙකු සිටිය යුතුය.

එසේනම් ගිනි ගත් නැව ලංකාවේ ඉහත සදහන් ආයතන වලට නිවැරදි තොරතුරු දුන්නාද ? . නැතිනම් රටවල් දෙකක්ම ඔවුන්ට ඇතුල් වීම තහනම් කල බැවින් නිවැරදි තොරතුරු නොදුන්නාද ?? යන්න පළමු පැණයයි.

ඔවුන් නිවැරදි තොරතුරු නොදුන්නානම් ලංකාවේ රජයට ඇගිල්ල දිගු කිරීම වැරදිය.
නමුත් ඔවුන් නිවැරදි තොරතුරු දුන්නානම් එම නැවේ අනතුර දැන දැන ඔවුන්ට ලංකාවේ වරායට ඇතුල්වන්න අවසර දීම ඉතාමත් ගැටලු සහගත තත්ත්වයකි . නමුත් මේ ගින්න ඇතිවූවේ ලංකාවේ වරායේ නොව Anchorage එකේ නිසා එයට රජයට කිරීමට කිසි දෙයක් නොමැත . මන්ද නැවක ගින්නක් හෝ ඕනෑම හදිසි අවස්තාවක ඕනෑම රටකට ඇතුලු වූ පසු නැවට උදවු කිරීම ඕනෑම රටක පවතින රජයේ වගකීමයි. එයට හැම රටක්ම බැදී ඇත. ඉතින් ලංකාව සහ ඉන්දියාව සිදු කලේද එයයි.

මුහුදේ පිරිසිදු බව රකින්නේ කොහොමද ?

මුලින්ම MARPOL යනු කුමක්ද ? ( International Convention for the Prevention of Pollution from Ships ) ඒ තමයි නැවු නිසා මුහුදට සිදුවන හානිය වැලැක්වීම සදහා IMO මගින් ( International Maritime Organization ) මගින් නැවු සහ අනෙකුත් යාත්‍රා වලට දී ඇති නීති සහ පිලි පැදිය යුතු Structure එක . එහි තෙල් පමනක් නොව කෑම බීම සහ අනෙකුත් අපද්‍රව්‍ය පිට කිරීමේ පිලිවෙල පවා ඇත .
???
https://www.imo.org/en/About/Conventions/Pages/International-Convention-for-the-Prevention-of-Pollution-from-Ships-(MARPOL).aspx

ඉතින් ඉහත සඳහන් කරුණු ඕනැම නැවක් සහ නැවක වැඩ කරන සේවක මණ්ඩලය විසින් පිළිපැදිය යුතුය ,නැතිනම් එම සේවකයින්ට දඩයක් හෝ රැකියා අහිමිවීම පමනක් නොව බන්ධනාගාර ගත කිරීමට පවා ඉඩ කඩ ඇත .
එ නිසා මුහුදේ ජීවිත අවදානම දන්නා නාවිකයකු ලෙස මට ශ්‍රී ලංකා රජයට ඇගිල්ල දිගු කල නොහැක .

විනෝදාංශයක් ලෙස Scuba Diving සහ ජලක්‍රීඩා කරන්නෙකු ලෙස මේ විනාශය දුටු මගේ අදහස
????

ලංකාව අවට ඇති සුලඟ දැන දැන Form වලින් Smother නොකල වතුර ගසා නැවේ ගින්න නිවන්න යෑම හාස්‍යජනකය . තවද නැවේ ගින්න පාලනය කල නොහැකිනම් අප ගින්න නිවන්න උත්සහ කරන අතරේ තව Steps දෙකක් ඉදිරියට සිතිය යුතුය එය නුවණක්කාර රාජ්‍ය පරිපලනයේ ස්වභාවය විය යුතුය . පහත පිංතූරයේ ඇති Floating Buoy Barriers දැමිය යුත්තේ පසුව නොව පෙරය . මෙය කලින් නොකල එක ඉතාමත් කණගාටුවට කරුනකි . මේ විනාශ සිදුවීමට පෙර මම මේ බව අනිවාර්යයෙන්ම සිදුවේ යයි දන්නා බැවින් දින කිහිපයකට පෙරද මගේ Facebook ගිණුමේ සටහනක් දමා ඇත . අපි නාවික ජීවිතයේ අත් දැකීමෙන් දන්නා දේ විභාග සමත් වී ලොකු පුටුවලට එන අය නොදන්නා බව සත්‍යකි නමුත් ඔවුන් ගන්නා වේතනයට සාධාරණයක් රටට කිරීමට ඔවුන් බැදී ඇත .


Scuba Dive කරන අපිට දැකීමට ඇත්තේ Coral සහ ලස්සන මාලුන් පමණි . තවද Shipwrek වැනි දෑ සමහර තැන් වල ඇත . දැන් අපි කුමක් බලන්නද ? මෙම කොරල් නැවත සැකසීමට කොපමණ කාලයක් යයිද ? එනිසා දුර නොදක්නා නුවණ සහ සීතල කාමර වල පුටු රත්කරපු පාලකයින් නිසා මුහුදට සහ මුහුදු ජීවීන්ට සිදුවුන විනාශය මිල කල නොහැක . මේ සිදුවන දෙයට රමේෂ් රුශන්ත සිල්වා වන මා හට කිව යුත්තේ
” නැවකට අවධානමක් ඇති විට ඔවුන්ට සහය දැක්වීම සඳහා රටට ඇතුල්වීමට දීම පිලිබඳව ස්‍තූති වන්ත වෙමි . Anchorage එකේ තබා රට ඇතුලට එන්න නොදීම පිලිබදව ස්‍තූතිවන්ත වෙමි . නමුත් සුළඟේ වේගය සහ ගින්න පාලනය කිරීමට බැරි බව දැන දැන ගින්න වතුරෙන්ම නිවන්න යෑම සහ නැව වටේට ආරක්ශක වළල්ලක් නොදැමීම පිලිබද සිනාසෙමි . එනිසා මුහුදු ජීවීන්ට සහ කොරල් වලට සිදුවුන විනාසය දැක උබලාට සාපකරමි මන්ද සීතල කාමරවල පුටුරත්කරන උබලා මුහුදු පතුලේ ඇති ලස්සන දන්නේ නැත .

Ramesh Rushantha Silva –
( Senior Deckhand Private Yacht / Scuba Diver / peroneal watercraft / Powerboat Ticket holder under Royal Yachting Association – UK )

RECENT ARTICLES - SINHALA

මිලියන 45 ක් නාස්ති කර පාස්කු ගැන තවත් විවාදයක්

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව පැවැත්වීමට නියමිත දින තුනක පාර්ලිමේන්තු විවාදය සඳහා රුපියල් මිලියන 45ක්  පමණ වැය වනු ඇති බවට පුවතක් ‘ඩේලි මිරර්’ වාර්තා කරනවා. මෙය...

ලොරි රථයකට යටවී කාන්තාවක් මරුට

නිට්ටඹුව, වතුපිටිවල ප්‍රදේශයේ‍දී යතුරුපැදියක ගමන් කළ කාන්තාවකගේ අත්බෑගයක් ලොරි රථයක බඳේ පැටලීමෙන් සිදුවු අනතුරකින් එම කාන්තාව මියගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ, අත්බෑගය ලොරි රථයේ බඳෙහි...

විදුලිය හා ඉන්ධන අත්‍යවශ්‍ය සේවා කරමින් ගැසට් නිවේදනයක්

විදුලිය සැපයීමට හෝ ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන බෙදා හැරීමට සම්බන්ධ සියලුම සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...