26.1 C
Colombo
Sunday, May 18, 2025

සජබෙන් සැලුන් දොරක්

- Advertisement -

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසා තිබෙනවා.

කිරිඇල්ල මහතා සඳහන් කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජන සන්ධානය ඉදිරි මහ මැතිවරණය ජයගැනීමට අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරන බවයි.

ජනාධිපතිවරණය සහ සමඟි ජන සන්ධානය ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේදී පැවති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හමුවකදී මේ බව සාකච්ඡා කළ බව ඔහු පවසා තිබෙනවා.

ජනාධිපතිවරණයේදී සිදුවූ පසුබෑම සම්බන්ධයෙන් එහිදී විශේෂ අවධානයක් යොමු කළ බවත් එම අඩුපාඩු සකස් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට එකඟ වූ බවට මන්ත්‍රීවරයා පැවසු බව සඳහන්.

ඉදිරි මැතිවරණ සහ පක්ෂ කටයුතු සමගියෙන් ඉදිරියට ගෙන යාමටත් අවශ්‍ය ප්‍රතිසංවිධාන කටයුතු කඩිනම් කිරීමටත් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීරණය කළ බවට ඔහු තවදුරටත් සඳහන් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

පුංචි ඡන්දෙට මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයත් ඉල්ලලා

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ 34 දෙනෙකු මෙවර පළාත්පාලන මැතිවරණයට තරඟ කර ඇතැයි අනාවරණය වි තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසා තිබුණේ ඔවුන් සම්බන්ධයෙන් පුලුල්...

කොළඹ යටවන තැන් 20කට ආසන්න ප්‍රමාණයක්

වර්ෂාවත් සමග කොළඹ නගර සීමාවේ ජලයෙන් යටවන ස්ථාන 20 කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන ඇතැයි, කොළඹ මහ නගර සභාව පවසවා. ප්‍රධාන වශයෙන් ජලයෙන් යටවන ස්ථාන ලෙස...

සජබෙ එක්ක පොඩි එකක් තියෙනවා-සාගර

ජනතාවගේ මතය වෙනුවෙන් පෙනිසිටිමට දේශපාලන පක්ෂ ලෙස වඟකිමක් හා යුතුකමක් තිබෙන බව පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා පවසා සිටියා. ප්‍රතිපත්තිපත්ති වලට හානි නොවන ලෙස...

POPULAR ARTICLES