28.9 C
Colombo
Thursday, March 27, 2025

තායිලන්තයේ පාසල් බස් රථයක් ගිනි අරන්

- Advertisement -

තායිලන්තයේ බැංකොක් අගනුවරට මදක් ඔබ්බෙන්, ප්‍රාථමික පාසල් ළමුන් රැගත් බස් රථයක් ගිනිගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගින්නෙන් ළමුන් 20කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පිරිසක් තුවාල ලබා ඇති බව සඳහන්.

අනතුර වන අවස්ථාවේදී බසය තුළ සිසුන් 38 දෙනෙකු සහ ගුරුවරුන් හය දෙනෙකු සිටි බවයි වාර්තා වන්නේ.

ගින්නෙන් බස් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ ළමුන් සහ ගුරුවරුන් කිහිපදෙනෙක් බස් රථයෙන් පැන යාමට සමත්ව ඇති බවත් සඳහන්.

අනතුරට ලක් වූ මෙම රථය එරට උතුරු ප්‍රදේශයේ උතයි තානි හි (Uthai Thani) සිට පාසල් ක්ෂේත්‍ර චාරිකාවකට ගොස් ආපසු එමින් සිටි ළමයින් සහ ගුරුවරුන් රැගත් බස් රථයක් වූ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ගින්නට හේතුව ලෙස විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ බස් රථයේ ඉදිරිපස ටයරයක් පුපුරා යාමෙන් රථය පාලනය කරගත නොහැකිව මාර්ගය කෙළවර තිබූ ලෝහ බාධකයක ගැටී මෙලෙස විනාශ වී ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

ක්‍රිෂ් නඩුවෙන් දෙවන විනිසුරුවරයාත් ඉවත්වෙයි

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි නඩුව විභාග කරන දෙවන විනිසුරුවරයාත් එම නඩු විභාගයෙන් අද (27) ඉවත් වුණා. මෙම නඩුව විභාග කළ...

ඡන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල

පළාත් පාළන ආයතන මැතිවරණයට අදාලව අපේක්ෂකයෙකුට ඡන්ද දායකයෙකු වෙනුවෙන් වැයකළ හැකි උපරිම මුදල මැතිවරණ කොමිෂන් සභාව මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. රුපියල් 74ත් රුපියල් 160ත්...

හිටපු ASP උඩුගම්පොළ මිලේනියම් සිටි නඩුවෙන් නිදොස් කොට නිදහස්

2002 වසරේ අතුරුගිරිය "මිලේනියම් සිටි" නිවාස සංකීර්ණයේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශය විසින් පවත්වාගෙන ගිය ආරක්ෂක නිවස්නයක් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත්කොට ජාතික...

POPULAR ARTICLES