28 C
Colombo
Thursday, October 3, 2024

යතුරුපැදි අනතුරින් පාසල් සිසුවෙක් මරුට

- Advertisement -

කාත්තාන්කුඩි ප්‍රදේශයේදී 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි පාසල් සිසුවෙකු යතුරුපැදියකින් ඇද වැටී අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇතැයි වාර්තා වනවා.

එලෙස මියගොස් ඇත්තේ, කොට්ඨාස 05 කාත්තාන්කුඩි මාර්කට් පාරේ, පදිංචිව සිටි ජමාල්ඩීන් මුහම්මද් රිහාම් නමැති සිසුවෙක්.

ඔහු තම නිවස ඉදිරිපිට කුඩා මාර්ගයක යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී එක්වරම යතුරුපැදිය ලිස්සා පහළට වැටීමෙන් ඇති වූ තුවාල හේතුවෙන් මරණය සිදුව ඇති බව වාර්තා වනවා.

කාත්තාන්කුඩි අල්හිරා මහා විද්‍යාලයේ 10වන වසරේ අධ්‍යාපනය ලබන අදාළ සිසුවා දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලක බාල දරුවා වනවා.

මියගිය සිසුවාගේ මෘත ශරීරය මඩකලපුව – ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති අතර කාත්තාන්කුඩි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

බදු බරට සහන දෙනවා- ජනපති මූල්‍ය අරමුදලට කියයි

ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඉහළ පෙළේ නියෝජිත පිරිස අද (03) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන්...

සිසුවා ඝාතනයට පෙම්වතිය ඇතුළු 7ක් අත්අඩංගුවට

මහවෙල මඩවල උල්පත ප්‍රදේශයේ සිසුවෙකු අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සියලුදෙනාට දැඩි දඬුවම් ලබාදෙන්නැයි ඉල්ලා ප්‍රදේශවාසීන් අද (03) විරෝධතාවක නිරත වි තිබෙනවා. ඔවුන්...

මෙරට සංවර්ධනයට කොරියානු එක්සීම් බැංකුවේ මූල්‍ය සහාය

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ...

POPULAR ARTICLES

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

Breaking: ශිෂ්‍යත්ව විභාගය ගැන රජය ගත් විශේෂ තීරණය

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් උද්ඝෝෂණයක නිරත වූ දෙමව්පියන් පිරිසක් අතර සාකච්ඡාවක් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති...

අනුර පත් කරන පමාවට ලේකම් කෙනෙක් ගෙදර ගිහින්

නව රජය බලයට පත්වීමත් සමග අමාත්‍යාංශ 17ක් සඳහා පසුගිය අඟහරුවාදා (23) නව ලේකම්වරු පත් කෙරුණා. මෙහිදී රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන...