24 C
Colombo
Sunday, February 16, 2025

පාසල් සිසුවෙක් විදුලිසැර වැදී ජීවිතක්ෂයට

- Advertisement -

මකුලෑව, සුදර්ශනගම ප්‍රදේශයේදී අද (21) පස්වරුවේ අසල්වැසි නිවසක තිබූ කොස් ගසක අතු කපා දැමීම සඳහා එම ගසට නැගි පාසල් සිසුවෙකු අධිබලැති විදුලිසර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අ/මකුලෑව ජාතික පාසලේ 10 වසරේ ඉගෙනුම ලැබූ ඉඳුසර විජේරත්න නම් වූ මකුලෑව, සුදර්ශනගම පදිංචි සිසුවෙක්.

දරුවන් පස් දෙනෙකුගෙන් ‍යුත් පවුලක වැඩිමල් දරුවා වූ ඔහු, මිත්තනිය හා තම සහෝදරයා සමග අසල්වැසි නිවසක ඇති විශාල කොස් ගසක අතු කපන්නට අද (21) පස්වරුවේ ගොස් තිබෙනවා.

එහිදී කපා දැමූ කොස් අත්තක් ප්‍රධාන මාර්ගයේ ඇති අධි බලැති විදුලි රැහැනක පැටලීමෙන් අනතුරුව ගස මත සිටි ඔහුට විදුලිසැර වැදී තිබෙනවා.

එම අවස්ථාවේදී ගසෙන් බිමට ඇද වැටුණු ඔහු නිවැසියන් විසින් කඩිනමින් තඹුත්තේගම මූලික රෝහලට ඇතුළත් කරඇති නමුත් එම අවස්ථාව වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තාවන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හූරීගස්වැව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES