32 C
Colombo
Friday, March 29, 2024

දෙමව්පියන්ගේ සේසතම විකුණා පරිඝණක ක්‍රීඩාවේ යෙදුණු සිසුවා අත්අඩංගුවේ

- Advertisement -

අන්තර්ජාල වීඩියෝ ක්‍රීඩා වෙනුවෙන් ලක්ෂ ගණනක දේපළ විකුණා දමමින් එම ක්‍රීඩාවල නිරත වූ 18 හැවිරිදි පාසල් සිසුවෙකු පොලිසිය ඊයේ (03) අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ මාරවිල කටුනේරිය ප්‍රදේශයේ පදිංචි උසස් පෙළ සිසුවක්.

ඔහුගේ මව සහ පියා ඉතාලියේ රැකියාවට ගොස් සිටින අතර අදාල සිසුවා සීයා හා මිත්තනියගේ රැකවරණය යටතේ ජිවත් වන බව මූලික පරික්ෂණවලින් අනාවරණය වි ඇත.

නිවසේ තිබූ යතුරුපැදියක් එක්වරම අතුරුදන්වීම සම්බන්ධයෙන් නිවැසියන් විසින් පොලිසියට පැමිණිලි කර ඇති අතර ඉන්පසු පොලිසිය ඒ පිළිබඳ ව පරීක්ෂණ ආරම්භ කර ඇත. සිසුවා විසින් යතුරුපැදිය ඉතා අවම මුදලකට අලෙවි කර ඇති බව එහි දී අනාවරණ වී ඇත.

අපොස උසස් පෙළ විභාගයට පෙනි සිටිම සදහා ලබා දුන් පරිඝණකයෙන් ඔහු ක්‍රීඩා කිරීමට යොමු වූවත් නිසි සොයා බැලීමක් නොමැති කමින් පසුව එය ඇබ්බැහියක් දක්වා වර්ධනය වී ඇති බවත් මෙම සිසුවා එක්වරකට විශාල මුදලක් වැය කරමින් ක්‍රීඩා කිරීමට ඇබ්බැහිව ඇති බවත් මෙහිදී අනාවරණය වී තිබේ.

කෙසේ නමුත්, පොලිසිය දිගින් දිගටම කල විමර්ශන වලින් පසුව අනාවරණය වි ඇත්තේ මෙම සිසුවා තම මවගේ හා මිත්තනියගේ ලක්ෂ පහකට වැඩි වටිනාකමින් යුත් රන් ආභරණද සොරකම් කර එයින් ලද මුදලින්ද මෙලෙස ක්‍රීඩාවේ නිරත වි ඇති බවයි

RECENT ARTICLES - SINHALA

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

ශ්‍රී පාද වන්දනාවේ ගිය විදේශිකයෙක් ප්‍රපාතයකට වැටිලා

රත්නපුර - ශ්‍රී පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදී ආරක්ෂිත වැටෙන් මිටර් 100ක පමණ ප්‍රපාතයට විදෙස් ජාතිකයෙක් ඇද වැටී තිබෙනවා. ඉන්දීය ජාතිකයෙකු වූ අදාළ විදේශිකයා පසුව...

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් දෙන්නෙක් පැනල ගිහින්

අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිරකඳවුරෙහි මහජනතාවට විවෘත කර ඇති ආපනශාලාවේ සේවය කළ සිරකරුවන් දෙදෙනෙකු අද (29) දහවල් එම ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා. බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...