16 හැවිරිදි පාසල් සිසුවියක් අතුරුදන් වී ඇති බවට ඇටම්පිටිය පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කළේ, අදාළ දැරිය පසුගිය ජනවාරි 3 වනදා සිට අතුරුදන්ව ඇති බවයි.
දැරියගේ මව විසින් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර, අතුරුදන් වූ දැරිය උඩ අඩි 5යි අඟල් 2ක් පමණ උසැති තලෙළු සාමාන්‍ය සිරුරක් සහිත අයෙක්.
ඇය අවසන් වරට ළා කොළ පැහැයට හුරු දිග ගවුමක් ඇඳ මිට ඇති අතර, වම් අතෙහි වැලමිට ආසන්නයේ සුළු කැපුම් තුවාලයක් දක්නට ලැබෙනවා.
අතුරුදන් වු අදාළ දැරිය සම්බන්ධයෙන් වැඩි විස්තරයක් වෙතොත් පහත දුරකථන අංකයන්ට දැනුම්දෙන ලෙස පොලීසිය පවසනවා.
ස්ථානාධිපති – ඇටම්පිටිය – 0718591528
පොලිස් ස්ථානය ඇටම්පිටිය – 0552295466