ක්‍රිකට් අක්‍රමිකතාවන් පිළිබදව විමර්ශනය සදහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ පාර්ලිමේන්තුවේ ඊයේ (20) පැවති පක්ෂ නායක රැස්වීමේදී.
ඒ අනුව පක්ෂ, විපක්ෂ සම සභාපතීත්වයක් සහ සමකාරක සභා සාමාජික සංඛ්‍යාවක් යටතේ, මෙම කාරක සභාව ස්ථාපිත කිරීම සදහා පක්ෂ නායකයින් එකඟතාවය පළ කර තිබෙනවා.
එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ඇතුළු අනෙකුත් ආයතන සම්බන්ධයෙන් කෝප් කමිටු රැස්වීම් ඉදිරියට පැවැත්වීමටත් කාරක සභා සභාපතීත්වය සම්බන්ධයෙන් පියවර ගන්නේ නම් එය කාරක සභා සාමාජිකයින්ගේ තීරණයක් පරිදි සිදුකළ යුතු බවටත් ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වු බවට වාර්තා වනවා.