25 C
Colombo
Saturday, March 22, 2025

ලෙබනනයේ පිපිරීම් මාලාවක්.3000කට අධික පිරිසක් තුවාල

- Advertisement -

ලෙබනනයේ බේරූට් අගනුවර ඇතුළු ප්‍රදේශ ගණනාවක පිපිරීම් රැසක් වාර්තා වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වර්තා සඳහන් කළේ, මෙම පිපිරීම් හේතුවෙන් හිස්බුල්ලා සටන්කාමීන් 09 දෙනෙකු මියගොස් 3,000කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි.

තුවාල පැබූ පුද්ගලයින්ගෙන් 200ක පමණ පිරිසකගේ තත්ත්වය බරපතළ බව සඳහන්.

ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයින් සිය පණිවුඩ හුවමාරු සඳහා යොදා ගන්නා “පේජර් පණිවුඩ හුවමාරු” යන්ත්‍ර එකවර පුපුරා යෑමෙන් ඔවුන් මෙලෙස තුවාල ලබා ඇති බවට වාර්තා වනවා.

මාර්ග අසල, සාප්පු සංකීර්ණ, වෙළෙඳසැල්වලදී මෙන්ම නිවෙස් ආශ්‍රිතව මෙම පිපිරීම් සිදුව තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම පිපිරීම් ඊශ්‍රායල් ආරක්ෂක අංශ විසින් සිදුකරඇති බව හිස්බුල්ලා සටන්කාමීන් චෝදනා කරනවා.

ඊශ්‍රායල් ආරක්ෂක අංශ විසින් අලුතින් හඳුන්වා දී තිබෙන රේඩියෝ සංඥා ජෑමර් පද්ධතිය උපයෝගී කර ගනිමින් මෙම සයිබර් මෙහෙයුම සිදුකර තිබෙන බව සඳහන්.

මෙම පිපිරීම්වලින් හිස්බුල්ලා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු ඇතුළුව තවත් සාමාජිකයින් රැසක් ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

මේ අතර ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා පවසන්නේ කිසිදු ශ්‍රී ලාංකිකයෙකු තුවාල ලබා නොමැති බවයි.

RECENT ARTICLES - SINHALA

දෙවුන්දර වෙඩිතැබීමකින් දෙදෙනෙකු මරුට

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ සිදුකළ වෙඩිතැබීමකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (21) රාත්‍රී 11.45ට පමණ මෙම වෙඩි තැබීම සිදු...

අද සවස තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වල සහ අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (22) ප.ව. 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය...

වෛද්‍යවරුන්ගේ දීමනාවලට අනුරගෙන් සහනයක්

රාජ්‍ය සේවක මූලික  වැටුප් වැඩිවීමත් සමඟ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයින්ගේ අමතර රාජකාරි, අතිකාල දීමනා බෙදී යෑමේ සූත්‍රය වෙනස් කිරීමට ගත් තීරණයේ සංශෝධනයක් කිරීමට සූදානම්...

POPULAR ARTICLES