27 C
Colombo
Wednesday, March 19, 2025

පාසල් ක්‍රීඩා උත්සව පැවැත්වීමේදී මාර්ගෝපදේශ මාලාවක්

- Advertisement -

පවතින උණුසුම් කාලගුණික තත්ත්වයට පාසල් සිසුන් නිරාවරණය නොවිය යුතු බැවින් අධික හිරු එළියේදී දරුවන් එළිමහන් ස්ථානවලට නොයවන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැට මහතා පවසනවා.

එමෙන්ම මේ දිනවල පැවැත්වෙන නිවාසාන්තර ක්‍රීඩා උත්සව පිළිබඳ මාර්ගෝපදේශ ඇතුළත් චක්‍රලේඛයක් අමාත්‍යංශය විසින් නිකුත් කරන බවයි ඔහු පවසන්නේ.

ඒ මහතා පවසන්නේ චක්‍රලේඛය නිකුත් කිරීමට පෙර සෞඛ්‍ය විශේෂඥයන්ගෙන් ඒ පිළිබඳව උපදෙස් ලබා ගන්නා බවයි.

පවතින උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් පාසල් ක්‍රීඩා තරඟ පැවැත්වෙන කාලය අඩු කිරීමට සිදුවන බවද නාලක කළුවැට මහතා වැඩිදුරටත් පෙන්වාදෙනවා.

මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායුගුණ තත්ත්ව දර්ශකය මධ්‍යස්ත මට්ටමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

රත්නපුර හා ඇඹිලිපිටිය යන නගරවල සුළු වශයෙන් අහිතකර මට්ටමක ද පැවතිය හැකි යැයි බලාපොරොත්තු වන බවත් මෙම තත්ත්වය හේතුවෙන් සංවේදී පුද්ගලයින්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වුවහොත් වහාම වෛද්‍ය උපදෙස් සඳහා යොමුවන ලෙස ඉල්ලා සිටින බවත් එම සංවිධානය සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

අර්චුනාගේ අශෝභන ප්‍රකාශ ගැන තීරණයක්

රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයාට තාවකාලික වාරණයක් පැනවීමට කටයුතු කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පවසා සිටියා. අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ නිවේදනයක් කරමින් කතානයකවරයා සඳහන් කළේ,...

Breaking: දේශබන්දු තෙන්නකෝන් මාතර අධිකරණයට

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තාවකාලිකව සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ...

දේශබන්දු වහාම අත්අඩංගුවට ගන්න – වැඩබලන පොලිස්පති

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තාවකාලිකව සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වහාම අත්අඩංගුවට ගැනීමට සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්, කොට්ඨාස භාර නිලධාරීන් හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් කටයුතු කරන්නැයි වැඩබලන...

POPULAR ARTICLES

Breaking: දේශබන්දු තෙන්නකෝන් මාතර අධිකරණයට

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තාවකාලිකව සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ...

අර්චුනාගේ අශෝභන ප්‍රකාශ ගැන තීරණයක්

රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයාට තාවකාලික වාරණයක් පැනවීමට කටයුතු කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පවසා සිටියා. අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ නිවේදනයක් කරමින් කතානයකවරයා සඳහන් කළේ,...

Breaking: දේශබන්දුට විවෘත වරෙන්තුවක්

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා. හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු...