27.8 C
Colombo
Monday, June 23, 2025

විසඳුම් සොයා සෙට් එකක් පෝලන්තෙට

- Advertisement -

විදෙස් ගමන් බලපත්‍ර නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ සොයා බැලීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් පෝලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා.

විද්‍යුත් විදෙස් ගමන් බලපත්‍ර ටෙන්ඩරය හේතුවෙන් මේ වන විට ආගමන විගමන දෙපාර්තමේන්තුව තුළ අර්බුදයක් නිර්මාණය වී ඇති අතර මේ වන විට එම දෙපාර්තමේන්තුව අසල දිගු පෝලිම් දක්නට ලැබෙනවා.

මෙම තත්ත්වය හේතුවෙන් ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ දිනයක් වෙන්කර ගැනීමේ ක්‍රියාවලිය ද මේ වන විට තාවකාලිකව අත්හිටුවා ඇති බව සඳහන්.

දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ නව විදෙස් ගමන් බලපත්‍ර තොගය ඔක්තෝම්බර් මස 25 වනදා මෙරටට ලැබෙනු ඇති බවයි.

ඒ අනුව එදිනට හිස් විදේශ ගමන් බලපත්‍ර 50,000ක් මෙරටට ලැබීමට නියමිතව තිබෙනවා.

ඉන් අනතුරුව සති දෙකකට පමණ පසුව තවත් හිස් විදේශ ගමන් බලපත්‍ර ලක්ෂයක ප්‍රමාණයක් මෙරටට ලැබෙනු ඇති.

කෙසේවෙතත් වසර 05ක කාලයක් තුළ හිස් විදේශ ගමන් බලපත්‍ර ලක්ෂ 50ක තොගයක් මෙරටට හිමි වීමට නියමිතයි.

නව හිස් විදේශ ගමන් බලපත්‍රය කළු පැහැති ඉදිරිපසකින් යුක්ත වන අතර එය පෝලන්තයේ නිෂ්පාදනය කරන බව ද ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළා.

ඒ අනුව මෙම විදෙස් ගමන් බලපත්‍ර තොගයේ නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ සොයාබැලීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් පිරිසක් පෝලන්තයේ අදාළ කර්මාන්ත ශාලාව වෙත ගොස් ඇති බවට වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

පිල්ලෙයාන්ට ඇපදීමක් ගැන හිතලාවත් නැහැ-  නීතිපති දෙපාර්තමේන්තුව

නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිළධාරීන් ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍යයේ එල්ල කර තිබෙන අභූත චෝදනා පිළිබදව විමර්ශනයක් අවශ්‍ය බව, නීතිපති පාරින්ද රණසිංහ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්...

බදුල්ල – දුන්හිද බස් අනතුරට හේතුව මෙන්න

බදුල්ල , මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිද ප්‍රදේශයේදී අනතුරට ලක්වූ බස් රථය ධාවනය කර ඇත්තේ එම රථයේ රියැදුරු නොව වෙනත් අයෙකු බව විමර්ශනවලදී අනාවරණය වී...

ලංකා විදුලිබල මණ්ඩලයෙන් නිවේදනයක්

බැටරිය සහිත වහළ මත සවිකරන සුර්ය කෝෂ පද්ධති සදහා කරන ගෙවීම් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රධාන ඉංජිනේරු ධම්මික විමලරත්න...

POPULAR ARTICLES

පිල්ලෙයාන්ට ඇපදීමක් ගැන හිතලාවත් නැහැ-  නීතිපති දෙපාර්තමේන්තුව

නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිළධාරීන් ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍යයේ එල්ල කර තිබෙන අභූත චෝදනා පිළිබදව විමර්ශනයක් අවශ්‍ය බව, නීතිපති පාරින්ද රණසිංහ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්...

හෝමූස් වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුවෙන් අනුමැතිය

ඉරාන පාර්ලිමේන්තුව විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට අද (22) ඡන්දය ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා. ඉරානය ඇතුළු මැදපෙරදිග රටවල් තෙල් අපනයනය...

බදුල්ල – දුන්හිද බස් අනතුරට හේතුව මෙන්න

බදුල්ල , මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිද ප්‍රදේශයේදී අනතුරට ලක්වූ බස් රථය ධාවනය කර ඇත්තේ එම රථයේ රියැදුරු නොව වෙනත් අයෙකු බව විමර්ශනවලදී අනාවරණය වී...