29 C
Colombo
Saturday, January 18, 2025

කොටස් වෙළෙඳපොළේ දරුණු පසුබැස්මක්

- Advertisement -

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක් අද (03) දිනයේ දී වාර්තා වුණා.

එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 299.13 කින් පහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 16,049.42 ක් ලෙසින් සටහන්ව තිබෙනවා.

මේ අතර S&P SL 20 දර්ශකය දිනය තුළ ඒකක 46.05 කින් පහළ ගොස් ඒකක 4,925.82 ක් ලෙසින් වාර්තා වුණා.

රු. බිලියන 11.48 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා වී තිබෙනවා.

මෙලෙස අද දිනයේ දී සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමක් වාර්තා වූයේ අඛණ්ඩව දින 27ක් පුරාවට එහි වර්ධනයක් දැකිය හැකි වූ පසුබිමක වීම විශේෂත්වයක්.

ප්‍රධාන වශයෙන් අද දිනයේ දී සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, LOLC හෝල්ඩිංග්ස්, මෙල්ස්ටාකෝප් සහ හේලීස් යන සමාගම්වල කොටස් මිල ගණන් පහළ යාම්, සියලු කොටස් මිල දර්ශකයේ කඩාවැටීමට බෙහෙවින් බලපෑ අතර දිනය තුළ සමාගම් 189ක කොටස් මිල ගණන් පෙර දිනයට සාපේක්ෂව පහළ ගොස් තිබුණා.

බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් රු. බිලියන 1.03ක්, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් රු.මිලියන 882 ක්, HNB රු. මිලියන 401 ක්, සම්පත් බැංකුව රු. මිලියන 350 ක් සහ LOLC හෝල්ඩිංග්ස් රු. මිලියන 305 ක් ලෙසින් අද දිනයේ දී ඉහළ පරිවැටුම් වාර්තා කළ සමාගම් අතර පෙරමුණේ පසුවුණා.

RECENT ARTICLES - SINHALA

චීන මුදල් හුවමාරු ගිවිසුම දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව අතර 2021 වසරේ දී අත්සන් කිරීමට යෙදුණු ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම තවත් වසර 3ක කාලයක් සඳහා...

ඊ – ටිකට් ජාවාරමට දුම්රිය සේවකයෙක්ගේ වැඩ තහනම්

දුම්රිය ඊ ප්‍රවේශපත්‍ර ජාවාරමට සම්බන්ධ යයි චෝදනා එල්ල වී සිටින මාකුඹුර දුම්රිය ස්ථානයේ සේවයේ නිරතව සිටි දුම්රිය සේවකයෙකුගේ සේවය අත්හිටුවීමට පියවර ගත් බව දුම්රිය...

සඟවා තිබූ ජීප් රථයක් හා වාහන චැසි දෙකක් සොයා ගැනේ

කූඨ ලේඛණ සකස් කර භාවිත කළ තවත් ජීප් රථයක් හා වාහන චැසි දෙකක් මාතලේදී අත්අඩංගුවට ගැනුණා. දින කිහිපයකට පෙර මාතලේ ප්‍රදේශයේදී ජීප් රථ කිහිපයක් සමග...

POPULAR ARTICLES