27.8 C
Colombo
Thursday, July 17, 2025

පාසල් උපකරණ ගැන භයානක අනාවරණයක්

- Advertisement -

ඇතැම් පාසල් සිසුන් ප්‍රමිතියෙන් තොර පැන්සල් භාවිත කිරීම නිසා බැරලෝහ ශරීර ගතවන වන අතර එමගින් පසු කාලීනව ඔවුන්ට පිලිකා සහ වකුගඩු රෝග ඇතිවන බවට විද්‍යාත්මකව තහවුරු කර ඇති බව ලංකා විදුහල්පතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා පවසනවා.

ඔහු පවසන්නේ, පැන්සල් තුඩ නිපදවීම සදහා භාවිත කරන මිනිරන් සිසුන්ගේ පංචස්කන්ධයට ස්පර්ශවිම මගින් මෙම අහිතකර තත්වය ඇතිවන බවට විද්‍යාඥයන්ගේ මතය වන බවයි.

යුරෝපා කමිටුව මගින් පැන්සල් සහ පාට පැන්සල් සදහා CN හෝ EN 71වැනි ප්‍රමිතීන් හදුන්වාදී තිබෙන බවද කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්චාවකදී ඔහු කියා සිටියා.

නව පාසල් වාරය සදහා දරුවන්ට පොත් ලැයිස්තු සැකසීමේදී ප්‍රමිතියකින් යුත් පාසල් උපකරණ භාවිතය පිළිබද අවධානය යොමුකරන්නැයි තමා ගුරුවරුන්ගෙන් සහ මාපියන්ගෙන් ඉල්ලා සිටින බවද පියසිරි ප්‍රනාන්දු මහතා පවසනවා.

දරුවන්ට භාවිතය සදහා නුසුසුදු පැන්සල් විශාල වශයෙන් වෙළදපොලේ තිබෙන අතර එවැනි පැන්සල් සහ පාට පැන්සල් භාවිතය තුළින් දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු සදහා සිදුවන පසුබෑම මෙන්ම සෞඛ්‍ය සදහා වන අහිතකර බලපෑම පිළිබදව දෙමාපියන් සහ ගුරුවරුන් සැලකිලිමත් විය යුතු බවද ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

ටික් ටොක් සමාගමෙන් සුභ ආරංචියක්

TikTok සාමාජ මාධ්‍යයේ  නියෝජිත පිරිසක් සහ අග්‍රාමිත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා අතර හමුවක් ඊයේ (16) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුව තිබෙනවා.  විනෝදාස්වාදයෙන් ඔබ්බට ගොස් ආර්ථික අවස්ථා පුළුල්...

විදුලිබල පනත් කෙටුම්පත පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අද රැස්වෙයි

ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අද (17)...

ගැරී ආනන්දසංගරී LTTEයට සහාය දුන් බවට චෝදනාවක්

එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුට පුරවැසිභාවය ලබාගැනීම සඳහා සහාය පළකර ඇති බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කැනඩාවේ මහජන ආරක්ෂක අමාත්‍ය ගැරී ආනන්දසංගරී මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. විදෙස්...

POPULAR ARTICLES