ඇමෙරිකාවේ විස්කොන්සින් ජනපදයේ මැඩිසන් නුවර ක්‍රිස්තියානි පාසලක සිදුවුණු වෙඩි තැබීමකින් පස් දෙනෙක් මිය ගොස් තිබෙනවා.
මියගිය පස්සෙනා අතර කුඩා දරුවන්ද සිටින බවයි වාර්තාවන්නේ.
තුවාල ලැබූ තවත් දරුවන් පස් දෙනකු රෝහල්ගත කළ බවත් එරට මාධ්‍ය වාර්තා සඳහන් කළා.
එරට පොලීසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, වෙඩි තැබීම සිදු කළ තැනැත්තා ද ජීවිතක්ෂයට පත් වුණු බවයි.
ඔහු බාලවයස්කාරයකු බවත් ඔහු ද වෙඩි තබා ගනිමින් දිවි නසා ගත් බවත් පොලිසිය පවසනවා.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.