දොඩංගොඩ විල්පාත ප්‍රදේශයේ නිවසකට අද (15) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බව දොඩංගොඩ පොලීසිය පවසනවා.
නිවසේ ජනේලයට වෙඩිප්‍රහාර හතරක් එල්ලවී ඇති බවද පොලීසිය සඳහන් කළා.
වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් හානි සිදුවි නැහැ.
කළුතර කොට්ඨාස අපරාධ පරීක්ෂණ නිලධාරීන් පරීක්ෂණ සිදුකරන ලද අතර, විශේෂ කාර්ය බළකා සෙබළුන් ද කැඳවා තිබු බවයි වාර්තා වන්නේ.
දොඩංගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.