හංවැල්ල, නෙළුවන්තුඩුව ප්රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ, 55ක් හැවිරිදි බස්හිමිකරුවෙකු බව පොලීසිය පවසනවා.
පොලීසිය සඳහන් කළේ, එම පුද්ගලයා නිවසේ සිටියදී මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.
T-56 ගිනිඅවියකින් එම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය සැකකරනු ලබනවා.