කොහුවල පොලිස් වසමේ සරණංකර පාර, ප්රදේශයේ වෙළෙඳසැලක් තුළ සිටි පුද්ගලයෙකුට වෙඩි තබා තිබෙනවා.
තුවාලකරු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 43ක නැදිමාල, දෙහිවල ප්රදේශයේ පදිංචිකරුවෙක්.
ඊයේ (18) රාත්රීයේ අදාළ වෙඩිතැබීම සිදුව ඇති අතර, වෙඩි වැදුණු පුද්ගලයා එම වෙළෙඳසැලේ හිමිකරු බව සඳහන්.
යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළා ගොස් තිබෙනවා
ඝාතනයට හේතුව හෝ සැකකරුවන් පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති අතර, කොහුවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.