24 C
Colombo
Sunday, February 16, 2025

කොස්ගොඩ වෙඩි තැබීමක්

- Advertisement -

කොස්ගොඩ පොලිස් වසමේ මහ ඉඳුරුව ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවසක් ඉදිරිපිට දී හා නිවස තුළට පැමිණ නිවසේ සිටි පුද්ගලයෙකු ඉලක්ක කර ගිනි අවියකින් වෙඩි තැබීමට උත්සාහ කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

වෙඩි තැබීම සඳහා යොදා ගන්නා ලද ගිනි අවිය ක්‍රියාත්මක නොවීමෙන් ජීවිත හා දේපල හානි කිසිවක් සිදුවි නැහැ.

පොලිසිය පවසන්නේ නිවස ආසන්න ප්‍රදේශයේ තිබී අපරාධය සඳහා යොදා ගන්නා ලද ගිනි අවිය බවට සැක කෙරෙන පිස්තෝල වර්ගයේ ගිනි අවියක් හමු වී ඇති බවයි.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොස්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES