නෙදර්ලන්තයේ රොටර්ඩෑම් නගරයේ සිදු කළ වෙඩි තැබීමකික් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙන බවට වාර්තා වෙනවා.
රොටර්ඩෑම් නගරයේ වෛද්‍ය මධ්‍යස්ථානයක සිදුකළ වෙඩි තැබීම් දෙකකින් ඔවුන් මෙලෙස මියගොස් තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මෙම වෙඩි තැබිමෙන් කථිකාචාර්යවරයෙකු මෙන්ම කාන්තාවක් සහ ඇයගේ දියණිය ද මියගොස් තිබෙනවා.
වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා නෙදර්ලන්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.