අපරාධකරුවන් පිළිබඳ තොරතුරු, මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ තොරතුරු සහ අනෙකුත් නීති විරෝධී ක්‍රියාවන් සම්බන්ධව පොලීසිය වෙත දැනුම්වත් කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව විශේෂ කෙටි දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙනවා.
පොලීසිය වෙත ලබා දෙන තොරතුරු නැවත එම අපරාධකරුවන් සහ නීති විරෝධී ක්‍රියාවන් සිදුකරන්නන් වෙත ලැබෙන බවට මහජනතාව තුළ ඇතිව තිබෙන සැකය මත මෙම දුරකතන අංකය හඳුන්වා දී තිබෙන බව පොලිසිය පවසනවා.
ඒ අනුව තොරතුරු ලබා දෙන්නාට තමන්ගේ අනන්‍යතාවට ප්‍රකාශ කිරීමකින් තොරව පොලීසිය වෙත තොරතුරු ලබා දිය හැකි බවත් ඒ සඳහා 1997 කෙටි දුරකතන අංකය පොලීසිය විසින් මෙලෙස හඳුන්වා දී තිබෙනවා.

