31 C
Colombo
Wednesday, March 19, 2025

මිලියන ගණනක මුදල් වංචාවකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරුවෙක් අත්අඩංගුවට

- Advertisement -

“Little Harts” නමින් ව්‍යාජ ගිණුමක් පවත්වාගෙන යමින් මුදල් වංචා කළ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (13) මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

පොලීසිය පවසන්නේ, මොවුන් විසින් රුපියල් ලක්ෂ 29ක මුදලක් මෙලෙස වංචාකර ඇති බවයි.

කල්පිටිය, පල්ලිවාසතුරයි සහ නොරොච්චාලය, කරඹ ප්‍රදේශයේ දී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගැනුණු සැකකරු නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි සේනාධීරගේ දුලාන් මහේෂිත නැමැති පුද්ගලයෙක්.

අත්අඩංගුවට ගැනුණු අනෙක් සැකකරු පලවිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23ක මානික්කුගේ සඳරුවන් සිල්වා නැමැති අයෙක් බවයි පොලිසිය පොලීසිය පවසනවා.

සේනාධීරගේ දුලාන් මහේෂිත නැමැත්තා සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙක්වන අතර මොවුන් විසින් “Little Harts” නමින් ව්‍යාජ ගිණුමක් ආරම්භ කර මුදල් වංචා කිරීම හා ත්‍යාග මුදල් ලබාදෙන බව පවසා මෙලෙස මුදල් වංචාකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

RECENT ARTICLES - SINHALA

හොරට විශ්‍රාම වැටුප ගත් අයෙක් අත්අඩංගුට

මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ රාජකාරී කර මියගිය පියාගේ විශ්‍රාම වැටුප වසර එකහමාරක කාලයක් හොරට ලබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසනවා. පොලීසිය පවසන්නේ, මෙලෙස අත්අඩංගුවට ගෙන...

දේශබන්දු ගැන ඇමති ආනන්දගෙන් කරුණු දැක්විමක්

අධිකරණයට භාරවූ දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, දින කිහිපයක සිටම...

සයිබර් කඳවුරුවල රඳවා සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයින

මියන්මාරයේ සයිබර් කඳවුරු තුළ බළහත්කාරයෙන් රඳවා ගෙන සිටි තවත් ශ්‍රී ලාංකීකයන් 14 දෙනෙකු දිවයිනට රැගෙන ආ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ මෙම...

POPULAR ARTICLES

දේශබන්දුගේ රිට් පෙත්සමේ නියෝගය අද

තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ රිට් පෙත්සමේ නියෝගය අද (17) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද...

දේශබන්දුගේ නිවසේ විස්කි බෝතල් ගබඩාවක්

අධිකරණ නියෝගයක් මත ධූරයේ වැඩඅත්හිටුවන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ගේ අතුරුගිරිය - හෝකන්දර නිවෙසේ තිබී විදෙස් මත්පැන් බෝතල් විශාල ප්‍රමාණයක් සොයාගත් බව පොලීසිය පවසනවා. අපරාධ පරීක්ෂණ...

හොරට විශ්‍රාම වැටුප ගත් අයෙක් අත්අඩංගුට

මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ රාජකාරී කර මියගිය පියාගේ විශ්‍රාම වැටුප වසර එකහමාරක කාලයක් හොරට ලබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසනවා. පොලීසිය පවසන්නේ, මෙලෙස අත්අඩංගුවට ගෙන...