31 C
Colombo
Thursday, July 10, 2025

පොල් ප්‍රශ්නෙට විසඳුමක්

- Advertisement -

උතුරු පොල් ත්‍රිකෝණයේ පොල් වගාව සඳහා 2025 අයවැය හරහා රජය රුපියල් මිලියන 1,437ක් වෙන් කරන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.

අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, උතුරු පළාතේ හෙක්ටයාර 40,000ක පොල් ගස් වගා කිරීමට රජය සැලසුම් කර ඇති බවත්, 2025 අයවැයෙන් ඒ සඳහා රුපියල් මිලියන 1,437ක් වෙන් කරන ලෙස ඉල්ලා ඇති බවයි.

රට තුළ හෙක්ටයාර 05කට අඩු පොල් වගාවන් සඳහා නොමිලේ පොහොර ලබාදීමට ද රජය තීරණය කර ඇති බව වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවා.

එමෙන්ම ඔහු පවසන්නේ, රුසියාවෙන් ලැබුණු මෙට්‍රික් ටොන් 55,000ක පොහොර තොගයෙන් මෙට්‍රික් ටොන් 27,500ක් පොල් වගාව සඳහා වෙන් කිරීමට තීරණය කර ඇති බවයි.

පවතින පොල් ගැටලුව සමග මේ වන විට වෙළෙඳපොළේ පොල් ගෙඩියක මිල රුපියල් 250 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අල්ලස් ඉල්ලු පොලිස් නිලධාරියා රිමාන්ඩ්

රාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ පහක අල්ලසක් ඉල්ලා රුපියල් 180000ක මුදලක් ලබා ගත්තේ යැයි කියන බස්නාහිර පළාත් උතුරු දිසාව අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරියෙකු...

බදු තවත් අඩු කරගන්න බලනවා – හර්ෂණ

ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 30%ක තීරුබදු ප්‍රමාණය ශ්‍රී ලංකාව ලැබූ සාර්ථකත්වයක් බවත්, නමුත්  තවත් අඩු කරවාගැනීම සඳහා සාකච්ඡා පවත්වන බවත් මුදල්...

සිංගිමලේ ජලාශයේ ජලය ලබා ගැනීම තාවකාලිකව නතර කරලා

හැටන් ජාතික ජල සම්පාදන සහ ජල ප්‍රවාහන මණ්ඩලයට ජලය ලබා ගන්නා හැටන් සිංගිමලේ ජලාශයෙන් ජලය ලබා ගැනීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඉකුත් 8වනදා පාසල් සිසුවෙකු වැටී...

POPULAR ARTICLES

පරාජයේ වාර්තාව ඉන්දියාවට

එංගලන්තයට එරෙහිව ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ අද (10) ආරම්භ වූ තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ද කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමට ඉන්දියාවට නොහැකි වුයේ නැහැ. ඒ අනුව ඔවුන් ජාත්‍යන්තර...

සුදුවෙන ක්‍රීම් නිසා මහියංගනේ පවුල් ප්‍රශ්න

පවුල් ආරවුල් සම්බන්ධයෙන් මහියංගණයට ලැබෙන පැමිණිලි අතරින් බොහොමයක්ම සැමියා උපයන මුදල් බිරිඳ විසින් අසීමිත ලෙස රූපලාවණ්‍ය කටයුතු සඳහා වැයකිරීම මත ඇතිවූ ආරවුල් බවට...

අල්ලස් ඉල්ලු පොලිස් නිලධාරියා රිමාන්ඩ්

රාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ පහක අල්ලසක් ඉල්ලා රුපියල් 180000ක මුදලක් ලබා ගත්තේ යැයි කියන බස්නාහිර පළාත් උතුරු දිසාව අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරියෙකු...