26 C
Colombo
Friday, February 14, 2025

විදුලි ගාස්තු සංශෝධනය ගැන විශේෂ නිවේදනයක්

- Advertisement -

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් බලශක්ති අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ සඳහන් වන්නේ, ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම විසින් නිර්දේශ කර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ නව විදුලි ගාස්තු සංශෝධනය මුදල් අමාත්‍යාංශයේ උපදෙස් අනුව සිදුකිරීමට නියමිත බවයි.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (17) විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ සිය අවසන් වාර්තාව ප්‍රකාශයට පත් කරමින් 20%කින් විදුලි ගාස්තු පහළ දැමීමට තීරණය කර තිබුණා.

අද මධ්‍යම රාත්‍රියේ සිට අදාළ සංශෝධනය ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව දැනුම්දුන්නා.

එහිදී 0-30ත් අතර පැවැති ගෘහස්ථ කාණ්ඩය යටතේ පැවැති ඒකක ගාස්තුව රුපියල් 6 සිට 4 දක්වාත් 31-60ත් අතර පැවැති ඒකක ගාස්තුව රුපියල් 9 සිට 6ක් දක්වාත් අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙම විදුලි ගාස්තු සශෝධනයට අනුව ගෘහස්ත අංශය සඳහා 20%කින් විදුලි ගාස්තු අඩු වන අතර ආගමික සිද්ධස්ථාන හා පුණ්‍යාතන සඳහා 21%කින් විදුලි ගාස්තු අඩු කර තිබෙනවා.

හෝටල් සඳහා 31%කින් ද කර්මාන්ත කාණ්ඩය සඳහා 30%කින්ද විදුලි ගාස්තු අඩු කර ඇති අතර පොදුකාර්ය කාණ්ඩය සඳහා විදුලි ගාස්තු 12%කින් අඩුකර තිබෙනවා.

රාජ්‍ය ආයතන සඳහා 11%කින්ද වීථි ලාම්පු සඳහා 11% කින්ද ගාස්තු අඩු කිරීමටද පියවර ගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මාලිමා මන්ත්‍රී ගමන් ගත් මෝටර් රථ අනතුර ගැන තොරතුරු හෙළි වෙයි

රිය අනතුරක් සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් ෆයිසාල් මහතාගේ සහෝදරයා පොලීසිය විසින් අත්අඩංගුවට අද (14) අත්අඩංගුවට ගෙන තිබුණා.  ඒ පුත්තලම සිට මාදම්පේ...

නවීන් දිසානායකට තනතුරක්

එක්සත් ජාතික පක්ෂයේ නව උප සභාපති ලෙස නවීන් දිසානායක මහතා පත් කර තිබෙනවා. ඒ අද (14) පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීයි. පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල්...

මිලියන ගණනක මුදල් වංචාවකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරුවෙක් අත්අඩංගුවට

“Little Harts” නමින් ව්‍යාජ ගිණුමක් පවත්වාගෙන යමින් මුදල් වංචා කළ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (13)...

POPULAR ARTICLES

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල් ගත කරයි

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බ්‍රොන්කයිට්ස් රෝගය වැළඳීම හේතුවෙන් එහි වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා රෝමයේ රෝහලක් වෙත ඇතුළත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 2023 වසරේදී ද...

මෙවර ශූරයන්ගේ කුසලාන තරඟයට දෙන මුදල් තෑගි වැඩි කරලා

අට වසරකට පසු පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ (Champions Trophy) ජයග්‍රාහකයන් වෙනුවෙන් දැවැන්ත මුදල් ත්‍යාග ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ අනුව,...

මාලිමා මන්ත්‍රී ගමන් ගත් මෝටර් රථ අනතුර ගැන තොරතුරු හෙළි වෙයි

රිය අනතුරක් සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් ෆයිසාල් මහතාගේ සහෝදරයා පොලීසිය විසින් අත්අඩංගුවට අද (14) අත්අඩංගුවට ගෙන තිබුණා.  ඒ පුත්තලම සිට මාදම්පේ...