පාසල් කටයුතු හෙට (24) දිනයේ සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
සිය සේවාව සඳහා සේවා ව්‍යවස්ථාවක් සැකසීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් හෙට සහ අනිද්දා (25) ප්‍රදේශ කිහිපයක සිය සාමාජිකයින් අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකරන බව අධ්‍යාපන අනධ්‍යයන වෘත්තීය සමිතිය පවසා සිටියා.
ඒ අනුව හෙට දිනයේදී මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කය, උතුරු මැද පළාතේ සහ වයඹ පළාතේ ද අනිද්දා දිනයේ බස්නාහිර පළාතේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කෙරෙන බවත් සඳහන්.
එහෙත් අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ පාසල් කටයුතු හෙට සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවයි.
මේ අතර එළැඹෙන 26 වනදා සියලුම ගුරු-විදුහල්පතිවරු සහ ගුරු උපදේශකවරු අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර ඇති බව ලංකා ගුරු සංගමය ප්‍රකාශ කර තිබෙනවා.
එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කර සිටියේ ගුරු හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවයේ ඉතුරු තුනෙන් දෙක ලබා නොදීම හේතුවෙන් මෙම අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයට එළැඹීමට තීරණය කළ බවයි.