ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (17) පැවැත්වෙනවා.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම තරගය නැරඹීමට පැමිණෙන ක්‍රිකට් ක්‍රීඩා ප්‍රේක්ෂකයන්ගේ පහසුව සඳහා ක්‍රීඩාංගණයේ දොරටු අද දහවල් 12 සිට විවෘතව තබන බවටයි.