2023 සඳහා දෙවන පාසල් වාරයේ 1 වැඩ අදියරය ජුලි 24 වනදා ආරම්භ වී අගෝස්තු 17 වන දින අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
මේ අනුව අගෝස්තු 18 වනදා සිට අගෝස්තු 27 වනදා දක්වා නිවාඩු ලබාදීමට නියමිතව ඇති.
දෙවන පාසල් වාරයේ දෙවන අදියර අගෝස්තු මස 28 සිට ඔක්තෝම්බර් 27 වනදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
තෙවන වාරයේ පළමු අදියර ඔක්තෝම්බර් 30 වනදා සිට නොවැම්බර් 24 වනදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බව සඳහන්.
එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියේ උසස් පෙළ විභාගය හේතුවෙන් නොවැම්බර් 25 සිට දෙසැම්බර් 31 දක්වා නිවාඩු ලබා දීමට නියමිත බවත් තෙවන වාරයේ දෙවන අදියර 2024 ජනවාරි 1 සිට 2024 පෙබරවාරි 16 දක්වා පැවැත්වෙන බවත්ය.