31 C
Colombo
Friday, January 17, 2025

රාජ්‍යතාන්ත්‍රික කටයුතු ගැන ජනාධිපති කාර්යාලයෙන් විශේෂ චක්‍රලේඛයක්

- Advertisement -

විදෙස් රාජ්‍ය, ජාත්‍යන්තර සංවිධාන, ශ්‍රී ලංකාවේ පිහිටි විදේශීය දූත මණ්ඩලය සහ එතෙර පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලය සමග රජයේ අමාත්‍යාංශ සහ ආයතන පවත්වනු ලබන අන්තර් ක්‍රියා සම්බන්ධව ජනාධිපති කාර්යාලය විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

අමාත්‍යංශ ලේකම්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරු, පළාත් ආණ්ඩුකාර ලේකම්වරු වෙත මෙම චක්‍රලේඛය නිකුත් කර තිබෙන බවයි පැවසෙ.

එහි දක්වා ඇත්තේ පසුගිය ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ නේවාසිකව සිටින තානාපතිවරු සහ දූත මණ්ඩල ප්‍රධානීන් විසින් මෙරට සංචාරයේ නිරතවන නියෝජිත කණ්ඩායම් සඳහා මෙරට අමාත්‍යවරු ප්‍රභූවරු සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවීමට සෘජුව වෙලාවක් වෙන් කර ගැනීම සිදුකරන ආකාරය සම්බන්ධව අවධානයට ලක්ව ඇති බවයි.

එම ක්‍රියාව පිළිගත් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාපටිපාටියට පටහැනි බැවින් මින් පසු එම නියෝජිත කණ්ඩායම් සඳහා අවශ්‍ය වැඩසටහන් සම්බන්ධයෙන් විදේශ කටයුතු විෂය භාර අමාත්‍යාංශයේ සන්ධාන අංශයට ප්‍රථමව දැනුම් දිය යුතු වනවා.

ඒ අනුව සන්ධාන අංශය විසින් මෙරට බලධාරීන්ගෙන් ඒ සඳහා සුදුසු වේලාවක් වෙන් කර ගැනීමේ කටයුතු සිදුකරනු ඇති.

මෙම ක්‍රියාපටිපාටිය ආණ්ඩුකාරවරු සහ පළාත් අමාත්‍යවරු විසින් අනුගමනය කළ යුතු බවත් එහි සඳහන් ව තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාරවරු හෝ පළාත් අමාත්‍යවරු මුණ ගැසීම සඳහා ශ්‍රී ලංකාවේ නේවාසික තානාපතිවරු / දූත මණ්ඩල ප්‍රධානීන් විසින් ඔවුන් හෝ එම දූත මණ්ඩල කාර්ය මණ්ඩලය වෙනුවෙන් සෘජුව වෙන් කරන වේලා වෙන්කර ගැනීම් සඳහා ඉල්ලීම් විදේශ කටයුතු විෂය භාර අමාත්‍යංශයේ සන්ධාන අංශයට යොමු කළ යුතු වනු ඇති.

එමෙන්ම මෙරට සංචාරයේ නිරත දූත මණ්ඩලය හෝ කොළඹ නේවාසිකව සිටින තානාපතිවරු / දූත මණ්ඩල ප්‍රධානීන් විසින් ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරිය හෝ අමාත්‍යවරු මුණ ගැසීමේදී එවැනි හමුවීම් සිදුකළ යුතු සුදුසු මට්ටම් සම්බන්ධයෙන් විදේශ කටයුතු විශය භාර අමාත්‍යාංශයේ උපදෙස් ලබා ගත යුතු වනවා.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයද ඇතුළුව තානාපති කාර්යාලවල සහ මෙරට සංචාරයේ නිරත විදෙස් දූත මණ්ඩලවල පහළ මට්ටමේ තනතුරු හොබවන නිලධාරීන් ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරිය මුණගැසීම සඳහා පහසුකම් සැලසීම් සිදු නොකළ යුතු බවත් එම චක්‍රලේඛය මගින් දන්වා තිබෙනවා.

තවද අමාත්‍යාංශ, ආයතන විසින් ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ සබඳතා මෙන්ම විදෙස් රටවල් සම්බන්ධ කාරණා සම්බන්ධව කිසිදු ආකාරයක මාධ්‍ය ප්‍රකාශයක් විදේශ කටයුතු විෂය භාර අමාත්‍යාංශයේ ලිඛිත නිෂ්කාශනයක් නොමැතිව නිකුත් නොකළ යුතු බවත් සඳහන් වනවා.

RECENT ARTICLES - SINHALA

විදුලි ගාස්තු සංශෝධනය ගැන විශේෂ නිවේදනයක්

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් බලශක්ති අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ සඳහන් වන්නේ, ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම විසින් නිර්දේශ කර...

අධිකරණයට අපහාස කළාට සුදාට නඩුවක්

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රංගන ශිල්පී සුදත්ත තිලකසිරිට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබෙනවා. රංගන ශිල්පී සුදත්ත තිලකසිරි විසින් පවත්වාගෙන යනු ලබන යුටියුබ් නාලිකාවක...

කාදිනල්හිමිගේ පෙත්සමකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය තුළින් පරිසරයට හා ධීවරයින්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්...

POPULAR ARTICLES