25 C
Colombo
Saturday, May 24, 2025

දීපු ගුරු පත්වීම් ගැන හොයන්න විශේෂ කමිටුවක්

- Advertisement -

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පසුගිය කාලයේදී ලබා දුන් උපාධිධාරි ගුරුපත්විම් සම්බන්ධයෙන් නිකුත් කරණු ලැබූ ගැසට් නිවේදන, චක්‍ර ලේඛ, ගුරු පත්විම් අවලංගු කිරීම සහ ඒවායේ නිත්‍යානුකුලභාවය පිළිබද සොයා බැලීම සඳහා විශේෂ කමිටුවක් පත් කළ බව දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර පවසනවා.

ආණ්ඩුකාරවරයා සඳහන් කළේ, ගුරු පත්වීමේ ලබා දීමෙන් සිදුවූ අසාධාරණයන් සම්බන්ධයෙන් පැමිණිලි 3,000කට අධික සංඛ්‍යාවක් කමිටුව වෙත ලැබි ඇති බව යි.

තමන්ට සිදුවී ඇති අසාධාරණයන් පිළිබද පැමිණිලි ඉදිරිපත් කළ පුද්ගලයින්ගෙන් අදාළ විෂයයන් අනුව දහ දෙනා බැගින් අහඹු ලෙස තෝරාගෙන කමිටුව විසින් සාක්ෂි ලබාගැනිම මේ දිනවල සිදු කරනු ලබන බව ඔහු සඳහන් කළා.

ආණ්ඩුකාරවරයා සඳහන් කළේ, අදාළ සුදුසුකම් සපුරා නොමැති බව සඳහන් කරමින් ලබාදුන් ඇතැම් ගුරු පත්විම් මාස තුනකට පමණ පසු අවලංගු කොට ඇති බව ත් ගුරු පත්විම් සදහා ඉල්ලුම් කිරිමේදී තමන් ඉල්ලුම් කළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් පාසල්වල අදාළ විෂයයන් අනුව කෙතරම් ගුරු පුරප්පාඩු සංඛ්‍යාවක් තිබුණා ද යන්න පිළිබඳව නිවැරදිව හඳුනා ගැනිමට අපේක්ෂකයින්ට නොහැකිවී ඇති බව ත් ය.

පුරප්පාඩු වී ඇති විෂයයන් අනුව පුරප්පාඩු සංඛ්‍යාව ගැසට් කළ යුතුව ඇති අතර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ගුරුපත්විම් ලබා දිමේදී ගැසට් නිවේදන හා චක්‍රලේඛ නිකුත් කිරිමේදී යම් අයෙකුට අගතියක් සිදුවී තිබේ ද යන්න පිළිබද සොයා බැලීම මෙම කමිටුව පත්කිරිමේ අරමුණ බව ද ආණ්ඩුකාවරයා පවසනවා.

ඔහු සඳහන් කළේ, විශ්‍රාම යාම, මිය යාම වැනි හේතු සාධක නිසා ඇතිවන පුරප්පාඩු පිරවීම සදහා ගුරුපත්විම් සම්බන්ධ ගැසට් නිවේදනය තවත් මාස හයක් දක්වා දිර්ඝ කොට ඇති බව යි.

පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ පරිපාලන හා කළමණාකරණ කටයුතු පිළිබද විනිවිදභාවයක් තිබි නොමැති බව ද ආණ්ඩුකාරවරයා පවසනවා.

හිටපු පරිපාලන සේවයේ නිලධාරියෙකු වන බුද්ධප්‍රිය නිගමුණි, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ ගණකාධිකාරිවරයෙකු වන එස්. ජයසිංහ සහ හිටපු අධ්‍යාපන පරිපාල සේවා නිලධාරිනියක වන චාන්දනි ගොඩකුඹුර මෙම කමිටුවේ සාමාජිකයන් ලෙස පත් කර ඇතැයි ආණ්ඩුකාවරයා වැඩිදුරටත් සදහන් කළා.

RECENT ARTICLES - SINHALA

හෙට පැය 12ක ජල කප්පාදුවක්

කොළඹ නගරය ඇතුළු ප්‍රදේශ රැසකට පැය 12ක කාලයක් හෙට (25) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. අඹතලේ ජල පවිත්‍රාගාරයේ...

මාලිනිය වෙනුවෙන් ජනපති තැබූ සටහන

ලාංකේය සිනමාවේ සැබෑ නිරුපිකාවක් වූ මාලනි ෆොන්සේකාගේ අභාවය සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කම්පාවට පත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක්...

ලබන අවුරුද්දේ මැයි 24 වෙනකොට මේ ආණ්ඩුව ඉවරයි – නලින් බණ්ඩාර

ලබන වසරේ මැයි 24 වනදා වන විට මේ ආණ්ඩුව පලවා හරින බව සමඟි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා. අද (24) කොළඹදී...

POPULAR ARTICLES