27.4 C
Colombo
Wednesday, June 7, 2023

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණයට එරෙහිව විශේෂ සාකච්ඡාවක්

- Advertisement -

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පෞද්ගලීකරණයට එරෙහිව ඉදිරියේ දී දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට සැලසුම් කර ඇති බව ඛනිජ තෙල් පොදු සේවක සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති අශෝක රංවල මහතා කියා සිටියේ මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක අද (25) පැවැත්වීමට නියමිත බවයි.

“පාඩු ලබන තෙල් සංස්ථාව, ජනතාව මත අසීමිත බරක් පටවලා අද වෙනකොට ලාභ ලබන මට්ටමට ගෙනැල්ලා තියෙනවා. දැන් මේ ඇමතිවරයාම උත්සහ කරනවා මේ ආයතනය පෞද්ගලික කරන මුවාවෙන් තමන්ගේ හිතවත් සමාගම් වලට මේක මංකොල්ලයක් විදියට දීලා දාන්න.

ඒක නිසා ඛනිජ තෙල් සේවකයෝ විදියට අපේ වෘත්තීය සමිතිය තීරණය කළා සියලුදෙනාම එකාවන්න එකතු වෙලා අද දවසේ අපි මේ ගැන කතා කරලා තීරණය කර ගන්නේ කොහොමද මේ අත්තනෝමතික අදූරදර්ශී මේ රාජ්‍ය දේපළ පවරා ගන්න උත්සහය පරාද කරන්නේ කියලා.

කරන්න පුළුවන් උපරිම බලපෑම කරලා රටේ ජනතාවගේ දේපළක් හැටියට ඛනිජ තෙල් සංස්ථාව බේරා ගන්න අපි කටයුතු කරනවා.”

RECENT ARTICLES - SINHALA

BREAKING – මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා මීට සුළු මොහොතකට පෙර කොළඹ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය කියා සිටියේ...

සුරාබදු නිලධාරීන් පිරිසක් කොළඹ වන් ගෝල්ෆේස් හිදී යකා නටයි

බීමත් සුරාබදු නිලධාරීන් කණ්ඩායමක් කොළඹ වන් ගෝල්ෆේස් වෙළඳ සංකීර්ණයේ පිහිටි පීසා ආපන ශාලාවක සේවකයෙකුට ඊයේ (06) රාත්‍රියේ පහර දී තිබෙනවා.

මහනුවර උසස් විදුහලක සිසු පිරිසක් තවත් සිසුවෙකුට විකට් පොලුවලින් පහර දීලා

මේ දිනවල පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්ණ පත්‍රය ඊයේ (06) පෙරවරුවේ මුහුණ දුන් මහනුවර කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලේ සිසුවෙකුට එම...

RECENT ARTICLES - ENGLISH

Essential drug prices to be reduced from 15 June

0
The Cabinet of Ministers approved the proposal raised by the Minister of Health to reduce the maximum retail price of 60 medicines...

Nearly 80 students, mostly girls, are poisoned in Afghanistan

0
Nearly 80 primary school students, mostly girls, are suspected to have been poisoned over the weekend and taken to hospital in Afghanistan’s...

Delays in trials pertaining to child abuse cases studied

0
The Sectoral Oversight Committee on Children, Women and Gender looks into the prevention of delays in trial pertaining to the cases of...