තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික තරිඳු උඩුවරගෙදර මහතා විරෝධතාවක් අතරතුර අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා.
නීති විරෝධී රැස්වීමක සාමාජිකයෙකු වීම හා රජයේ නිලධාරියෙකුට සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනා මත තරිඳු උඩුවරගෙදර මහතා බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
පසුගියදා 28 වනදා බොරැල්ලේ පැවති විරෝධතාවක් අතරතුර ඔහු අත්අඩංගුවට පත් වූ අතර ඊයේ (29)දා ඇප මත මුදා හැර තිබෙනවා.