29 C
Colombo
Thursday, April 18, 2024

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් මානව හිමිකම් කොමිසමට විශේෂ ලිපියක්

- Advertisement -

උසස් පෙළ සමයේ විදුලි කප්පාදුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මානව හිමිකම් කොමිසම කැඳවා තිබූ සාකච්ඡාවට සහභාගී නොහැකිවීම සම්බන්ධව කරුණු දක්වමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂකවරයා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

ඔවුන් එමඟින් පෙන්වා දී ඇත්තේ පසුගිය 25 වනදා පැවැති එම සාකච්ඡාවට සහභාගී වීමට නොහැකි වුණේ නිවාස සංවර්ධන මුල්‍ය සංස්ථා බැංකු අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමට එදින සහභාගී වීම හේතුවෙන් බවයි.

කෙසේ වෙතත් තමන් නියෝජන කරමින් සහභාගී වූ ඛනිජ තෙල් නීතිගත සංස්ථා නිලධාරීන් අදාළ සාකච්ඡාවේ දී මතුකළ කරුණු සම්බන්ධව නිසි අවධානයක් යොමු නොවූ බවද කළමනාකරණ අධ්‍යක්ෂකවරයා එහිදී දක්වා තිබෙනවා.

හුදෙක් මානව හිමිකම් කොමිෂන් සභාවේ ඒක පාර්ශවිය මතය වෙත ඛනිජ තෙල් සංස්ථා නිලධාරීන්ගේ අනුමැතිය ලබාගත් බවට අදාළ නිලධාරීන් තමන්ට වාර්තා කළ බවයි ඔහු එම ලිපිය තුළින් සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ මහතා පෙන්වා දෙන්නේ ඒ හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත අසාධාරණයක් සිදුව ඇති බැවින් මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශය යළි සලකා බැලීමේ දී දැඩි අවශ්‍යතාවක් පවතින බවයි.

විදුලිබල මණ්ඩලයට අඛණ්ඩව දැවි තෙල් සහ නැප්තා ආනයනික ඉන්ධනවලට වදාඅ අඩු පිරිවැයක් යටතේ නිකුත් කළ හැකි වුවත් ඊට මුදල් නොලැබීම සහ ණය පදනම මත දැනට පවතින තොග නිකුත් කිරීමෙන් ඉදිරි කාලය තුලදී යළිත් වතාවක් අකර්මණ්‍ය වීමේ අවධානමක් මතු විය හැකි බව ඔහු අදාළ ලිපියෙන් සඳහන් කර තිබෙනවා.

විදුලි සැපයීම ජාතික අවශ්‍යතාවක් සේ සලකා රුපියල් බිලියන 111ක වටිනාකමින් යුත් ඉන්ධන ලංකා විදුලිබල මණ්ඩලයට අද (27) වන විට ලබාදී ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එම ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇති බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක්

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙළිවී ඇති බව කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා. කොළඹ මහ...

විදේශිකයෙකුට වැඩි මුදලට ආහාර විකිණූ තවත් අයෙක් අත්අඩංගුවට

කළුතර ප්‍රදේශයේ ආපනශාලාවකදී විදේශීය ජාතිකයෙකු නොමඟ යවමින් අධික මිලකට උළුඳු වඩයක් සහ තේ කෝප්පයක් විකිණීමේ සිද්ධියට අදාළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (18)...

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට සැකපිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මාවතගම පොලිස් ස්ථානයට අනුයුක්තව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...