25 C
Colombo
Friday, February 14, 2025

අනුරපුර පොලොන්නරු යන අයට විශේෂ දැනුම්දිමක්

- Advertisement -

අයහපත් කාලගුණය හේතුවෙන් පොලොන්නරුව සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක මාර්ග අද (19) ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය අවහිර වී ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.

ඒ අනුව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පොලොන්නරුව – මඩකලපුව මාර්ගයේ මනම්පිටිය ප්‍රදේශයේ සිට ගල්ලෑල්ල දක්වා වූ කොටස ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය සම්පුර්ණයෙන්ම ඇණහිට ඇති බැවින් මඟීන්ගේ පහසුව සඳහා මනම්පිටිය සිට කඳුරුවෙල දක්වා විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් යොදා තිබෙනවා.

පොලොන්නරුව – සෝමාවතිය මාර්ගයේ කිලෝමීටර් 35 හා 37 අතර ප්‍රදේශයේදී ජල ගැලීම හේතුවෙන් ගමනාගමනය සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇති අතර සෝමාවතිය පුදබිමට පැමිණිය හැකි සෝමාවතිය – සේරුවාවිල මාර්ගයේ ද ඇතැම් ස්ථාන ජලයෙන් යටවීම හේතුවෙන් මාර්ගය අවහිර වී ඇති බව දැනුම් දෙනවා.

එමෙන්ම, අරුණපුර – අරලගංවිල මාර්ගයේ ස්ථාන කිහිපයකම ජලය යටවීම හේතුවෙන් ගමනාගමනය සම්පුර්ණයෙන්ම අවහිර වී තිබෙන බවයි පැවසෙන්නේ.

පල්ලියගොඩැල්ල – සුංගාවිල මාර්ගයේ පඹුරාන පාලම අසල ජලය යටවීම හේතුවෙන් යාය 08 ප්‍රදේශයේ ගමනාගමනය සම්පුර්ණයෙන්ම අවහිර වී ඇති බව සඳහන්.

මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ කොහොඹගස් හන්දිය – මල්වතුඔය පාලම අතර කොටස මල්වතුඔය පිටාර ගැලීම හේතුවෙන් ගමනාගමනය සම්පුර්ණයෙන්ම අවහිර වී තිබෙනවා.

අවුකන සිට වලව්වේගම හරහා කලාවැව මාර්ගයේ අවුකන විහාරය ආසන්නයේ ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය සම්පුර්ණයෙන්ම අවහිර වී ඇති බව සඳහන්.

තවද ගල්නෑව සිට අළුබද්ද හරහා හිරිපිටියාගම මාර්ගය හඳුන්ගම පාලම ආසන්නයේ ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය අවහිර වි තිබෙනවා.

එමෙන්ම තත්තිරිමලය සෙට්ටිකුලම මාර්ගයේ බෝගොඩ පාලම ආසන්න ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය ද අවහිර වී තිබෙන බවට වාර්තා වනවා.

මේ අනුව පොලීසිය ඉල්ලා සිටින්නේ ඉහත ප්‍රදේශවල හරහා ගමන් කරන මහජනතාවට සහ රියදුරන්ට අදාළ දැනුම්දීම් සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙසටයි.

එමෙන්ම ජල ගැලීම් සිදූ වූ ස්ථානයන්හි දැන්වීම් පුවරු යොදා විකල්ප මාර්ග සඳහන් කර මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කර ඇති බැවින් එම ස්ථානයන්හි රථවාහන නිලධාරීන් රාජකාරි යෙදවීමට කටයුතු කර ඇති බවද දැනුම් දී තිබෙනවා.

ඒ අනුව ඔවුන්ගේ උපදෙස් පිලිපදින ලෙසට ද ඉහත ප්‍රදේශවල හරහා ගමන් කරන මහජනතාවගෙන් හා රියදුරන්ගෙන් පොලීසිය ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

මාලිමා මන්ත්‍රී ගමන් ගත් මෝටර් රථ අනතුර ගැන තොරතුරු හෙළි වෙයි

රිය අනතුරක් සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් ෆයිසාල් මහතාගේ සහෝදරයා පොලීසිය විසින් අත්අඩංගුවට අද (14) අත්අඩංගුවට ගෙන තිබුණා.  ඒ පුත්තලම සිට මාදම්පේ...

නවීන් දිසානායකට තනතුරක්

එක්සත් ජාතික පක්ෂයේ නව උප සභාපති ලෙස නවීන් දිසානායක මහතා පත් කර තිබෙනවා. ඒ අද (14) පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීයි. පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල්...

මිලියන ගණනක මුදල් වංචාවකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරුවෙක් අත්අඩංගුවට

“Little Harts” නමින් ව්‍යාජ ගිණුමක් පවත්වාගෙන යමින් මුදල් වංචා කළ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (13)...

POPULAR ARTICLES

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල් ගත කරයි

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බ්‍රොන්කයිට්ස් රෝගය වැළඳීම හේතුවෙන් එහි වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා රෝමයේ රෝහලක් වෙත ඇතුළත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 2023 වසරේදී ද...

මෙවර ශූරයන්ගේ කුසලාන තරඟයට දෙන මුදල් තෑගි වැඩි කරලා

අට වසරකට පසු පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ (Champions Trophy) ජයග්‍රාහකයන් වෙනුවෙන් දැවැන්ත මුදල් ත්‍යාග ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ අනුව,...

මාලිමා මන්ත්‍රී ගමන් ගත් මෝටර් රථ අනතුර ගැන තොරතුරු හෙළි වෙයි

රිය අනතුරක් සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් ෆයිසාල් මහතාගේ සහෝදරයා පොලීසිය විසින් අත්අඩංගුවට අද (14) අත්අඩංගුවට ගෙන තිබුණා.  ඒ පුත්තලම සිට මාදම්පේ...