24 C
Colombo
Sunday, February 16, 2025

බහරේන් සහ ඕමාන්වල රැකියාවට යන අයට විශේෂ දැනුම්දීමක්

- Advertisement -

බහරේන් රාජ්‍යයේ රැකියා සඳහා සංචාරක වීසා මාර්ගයෙන් ඇතුළුවීම තහනම් කිරීමට එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් පියවරගෙන තිබෙනවා.

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ පෙබරවාරි මස 13 දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නීතිය බලාත්මක කර තිබෙන බවයි.

මීට අදාළ නීති රෙගුලාසි බහරේන් රජය විසින් පසුගිය 14 වනදා එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගෙන තිබුණා.

ඒ අනුව, බහරේනයේ 1965 ආගමන විගමන පනතට ගෙන එන සංශෝධන අනුව කිසිඳු තත්ත්වයක් මත යම් විදේශිකයෙකුට බහරේනයට ඇතුල්වීමට හිමි වීසා බලපත්‍රයක්, රැකියා පදිංචි බලපත්‍රයක් බවට පරිවර්තනය කිරීමට අවසර ලැබෙන්නේ නැහැ.

මෙම තත්ත්වය මත බහරේනයේ රැකියා ලබාදෙන බවට ව්‍යාජ පොරොන්දු දී සංචාරක වීසා භාවිතා කරමින් එරට විශාල ප්‍රමාණයක් සිටින බව තානාපති කාර්යාලය නිරීක්ෂණය කර තිබෙනවා.

මොනයම් හේතුවක් මත හෝ සංචාරක වීසා උපයෝගිකොටගෙන බහරේනයේ රැකියා ලබාගැනීමට විදේශ ගතනොවන ලෙස කාර්යාංශය විගමණික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර, සංචාරක වීසා උපයෝගී කොටගෙන ඕමාන් රාජ්‍යයේ රැකියා සඳහා ද පැමිණීමෙන් වලකින ලෙස එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඕමාන් රාජ්‍යයේ පොලිස් නිවේදනය උපුටා දක්වමින් නිවේදනය කර තිබෙනවා.

සංචාරක වීසා උපයෝගී කොටගෙන ඕමනයේ රැකියාවල නිරතවිය නොහැකි අතර, එම වීසා උපයෝගි කොටගෙන එය රැකියා වීසා බවට පරිවර්තනය කල නොහැකි බවද එම නිවේදනයේ සඳහන්.

තවද ඕමාන් රාජ්‍යයේ නීත්‍යානුකූල රැකියා ලබා ගැනීමේදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) විසින් නිකුත් කරන ලද නියාමනය කරන ලද මාර්ග සහ මාර්ගෝපදේශ පමණක් භාවිතා කරන ලෙස මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ රැකියා අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

දෙරටේම අදාළ බලධාරීන් විසින් නිකුත් කරන ලද උපදෙස් නොතකා, සංචාරක වීසා මගින් ඕමාන් රාජ්‍යයට පැමිණ අතරමං වන ශ්‍රී ලාංකික රැකියා අපේක්ෂකයින්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා.

ඕමාන් රාජ්‍යයේ රාජකීය ඕමාන් පොලීසිය (ROP) විසින් ප්‍රකාශයට පත් කරන ලද පරිදි, 2023 ඔක්තෝබර් 31 දින සිට සංචාරක වීසා රැකියා වීසා බවට පරිවර්තනය කිරීම අත්හිටුවීම බලාත්මක වන අතර, එබැවින් රැකියා අපේක්ෂකයින් සංචාරක වීසා මගින් ඕමානයට පැමිණීමෙන් වැළකී සිටිය යුතු බව එම නිවේදනයෙන් දැනුම් දී තිබෙනවා.

තවද, දැනටමත් ඕමාන් රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ට ඔවුන්ගේ වීසා කාලය අවසන් වීමට පෙර රටින් පිටවන ලෙස තානාපති කාර්යාලය නැවත වරක් උපදෙස් ලබාදී තිබුණා.

නියමිත කාලය ඉක්මවා රැදී සිටීමේ දී, අදාළ ශ්‍රී ලාංකික පුරවැසියන් රටින් පිටවීමට පෙර ඕමාන් රාජ්‍යයේ අදාළ බලධාරීන් විසින් පනවනු ලබන අමතර රැදී සිටීමේ ගාස්තු ගෙවීමට යටත් වීමට සිදුවන බවද තානාපති කාර්යාලය පවසනවා.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES