31 C
Colombo
Wednesday, May 21, 2025

පොලිසියෙන් විශේෂ මෙහෙයුම් මැදිරියක්

- Advertisement -

2024 ජනාධිපතිවරණයේ විශේෂ සිදුවීම් වාර්තා කිරීම වෙනුවෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව ශ්‍රී ලංකා පොලීසියේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබෙන බව පොලිස් මූලස්ථානය පවසනවා.

නව පොලිස් මූලස්ථානයේ 09 වන මහලේ ස්ථාපිත කර ඇති මෙම මෙහෙයුම් මැදිරිය මගින් ජනාධිපතිවරණ දිනය ,පෙර දින මෙන්ම පශ්චාත් මැතිවරණ සමය තුළ සිදුවන විශේෂ සිදුවීම් වාර්තා කර අවශ්‍ය ප්‍රතිචාර දැක්වීම සඳහා තොරතුරු ගලායන ජාලයක් පවත්වා ගන්නා බව පොලීසිය සඳහන් කරනවා.

ත්‍රිවිධ හමුදා මාණ්ඩලික නිලධාරීන්, පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන්, බුද්ධි අංශ නිලධාරීන් මෙම මෙහෙයුම් මැදිරියේ රාජකාරි සඳහා අනුයුක්ත කර දිවයින පුරා පොලිස් ස්ථාන, ඡන්ද මධ්‍යස්ථාන, බුද්ධි නිලධාරීන් හා සම්බන්ධ වෙමින් ඡන්ද දිනය තුළ සියලු කටයුතු නීත්‍යානුකූලව සිදුවන අයුරු අධීක්ෂණය කරන බවද පොලිස් මූලස්ථානය පවසනවා.

RECENT ARTICLES - SINHALA

පාර්ලිමේන්තුවේ කාලය කන මන්ත්‍රීලාට වෙන්න යන දේ

ස්ථාවර නියෝග 27 (2) යටතේ විධිවිධානයන්ට සහ සම්ප්‍රදායන්ට අනුකූල නොවන ආකාරයෙන් ප්‍රශ්න ඉදිරිපත් කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු සභාවේ කාල කළමනාකරණයට දැඩි බාධාවක් සිදුව ඇති බව...

ගුරු පුරප්පාඩු ගැන විශේෂ දැනුම්දීමක්

මේ වසරේ අග භාගය වන විට ගුරු පුරප්පාඩු පිරවීම සඳහා කඩිනම් ක්‍රියමාර්ග ගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා. අද (21) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී මුජිබුර්...

කම්කරු දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

කම්කරු කාර්යාලයන්හි සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ අයදුම් පත්‍ර භාරගැනීම අද (21) දහවල් 12 සිට සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව කම්කරු දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. කම්කරු කොමසාරිස් ජනරාල්වරයා...

POPULAR ARTICLES