24 C
Colombo
Sunday, January 19, 2025

මගී ප්‍රවාහන බස් පරික්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක්

- Advertisement -

දිවයිනේ රිය අනතුරු අවම කර ගැනීම සඳහා උත්සව සමය මූලික කරගනිමින් විශේෂ රථවාහන මෙහෙයුමක් පොලීසිය විසින් ක්‍රියාවට නංවා තිබෙනවා.

මෙම මෙහෙයුම මගින් දුර ගමන් සේවා බස් රථ රියදුරන් මාර්ග නීති උල්ලංඝනය කරමින් අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කිරීම සම්බන්ධවයි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර ඇත්තේ.

එහිදී මගී බස් රථ පරික්ෂාව සඳහා සිවිල් ඇඳුමින් නිලධාරීන් රාජකාරි යොදවා දුර ගමන් සේවා බස් රථවල සැලකිය යුතු දුර ප්‍රමාණයක් ගමන් කරන බවද පොලීසිය පවසනවා.

එහිදී අපරික්ෂාකාරී රිය ධාවනය, ජංගම දුරකථන භාවිත කරමින් රිය ධාවනය, පදික මාරු මතින් වාහන ඉස්සර කිරීම සහ අධික වේගය ඇතුළු රථවාහන වැරදි සම්බන්ධව නිරීක්ෂණය කිරීමට කටයුතු කර තිබෙනවා.

පසුව ඉදිරි ස්ථානයකදී නිල ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් එම බස් රථ නවත්වා සිදුකරන ලද රථවාහන වැරදි පිළිබඳව අදාළ රියදුරන් දැනුවත් කර ඔවුන්ට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කරනු ඇති.

තවද මගීන්ගේ ආරක්ෂාව සඳහා මෙම මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කිරීමටද පොලීසිය පියවර ගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කෙඳිරි ගෑවොත් දීපු හැටත් අයින් කරනවා – අනුර

ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති ජන හමුවකට...

මහින්ද කොළඹ ගෙදරින් දොට්ට වැටෙන ලකුණු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටින නිවස රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව ඔස්සේ තක්සේරු කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා පවසා සිටියේ එම නිවසෙහි තක්සේරුව...

මහ ගංවතුර තත්ත්වයක්; වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදන

නාච්චාදූව ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර ඇති බැවින් මේ වනවිට තත්පරයට ඝණ අඩි 3,700 ක් තරම් සීග්‍රතාවයකින් මල්වතු ඔයට ජලය පිටවාන් දැමීම සහ මල්වතු...

POPULAR ARTICLES