බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් බන්ධනාගාරගතව සිටින හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් බැලීම සඳහා හෙට (14) දිනයේ විශේෂ අවස්ථාවක් සලසා දී තිබෙනවා.
ඒ, තෛපොංගල් උත්සවය නිමිත්තෙන්.
එමෙන්ම, එදිනට හින්දු ආගමික රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හා රසකැවිලි එක් රැඳවියෙකුට පමණක් ප්‍රමාණවත්වන පරිදි ලබාදීමටද අවස්ථාව සලසා දී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කරනවා.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පවසා ඇත්තේ සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව හා බන්ධනාගාර නිතීරීතී අනුව මෙම අමුත්තන් පෙන්වීමේ කටයුතු දිවයිනේ සියලුම බන්ධනාගාර තුළ සිදුකරන බවයි.