24 C
Colombo
Sunday, January 19, 2025

මත්ද්‍රව්‍ය නිවාරණය කරන්න විශේෂ වැඩපිළිවෙලක් – එරංග ගුණසේකර

- Advertisement -

මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම වෙනුවෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කිසිඳු දේශපාලනමය බාධාවක් නොමැති බවත් මත්ද්‍රව්‍ය උවදුරෙන් මෙරට තරුණයින් බේරාගැනීම වෙනුවෙන් සියලු පියවර ලබන වසරේ ආරම්භ කරන බවත් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසුවා.

නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මේ බව පවසා සිටියා.

මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නවා සේම, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, සැපයුම්කරුවන් සොයා වැටලීම් කර ඔවුන්ට එරෙහිව ගන්නා නීතිමය ක්‍රියාවලිය අවසන් වන තෙක් පසුවිපරම් සිදු කළ යුතු බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

මත්ද්‍රව්‍ය නිවාරණය කිරීම වෙනුවෙන් රට පුරා විශේෂ වැඩපිළිවෙලක් ලබන වසරේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පැවසු ගුණසේකර මහතා එය මාධ්‍ය සංදර්ශනයක් නොවන පොලිස් දෙපාර්තමේන්තුවේ අවංක මැදිහත්වීම අපේක්ෂා කරන වැඩසටහනක් බව ද අවධාරණය කර සිටියා.

කොළඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව නගරය මත්ද්‍රව්‍ය උවදුර වැඩිම නගරයක් බවත්, පාසල් දරුවන් මත්ද්‍රව්‍ය උවදුරට ගොදුරු වීම හේතුවෙන් ඔවුන්ගේ අධ්‍යාපනය අඩාල වී තිබීම නිසා ඔවුන්ව බේරා ගැනීම රජය සතු වගකීමක් ලෙස සළකා ලබන වසරේදී මත්ද්‍රව්‍ය උවදුර කොලොන්නාව නගරයෙන් සහමුලින්ම ඉවත් කළ යුතු බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

අනුරපුර පොලොන්නරු යන අයට විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණය හේතුවෙන් පොලොන්නරුව සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක මාර්ග අද (19) ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය අවහිර වී ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. ඒ අනුව...

කෙඳිරි ගෑවොත් දීපු හැටත් අයින් කරනවා – අනුර

ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති ජන හමුවකට...

මහින්ද කොළඹ ගෙදරින් දොට්ට වැටෙන ලකුණු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටින නිවස රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව ඔස්සේ තක්සේරු කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා පවසා සිටියේ එම නිවසෙහි තක්සේරුව...

POPULAR ARTICLES