28.4 C
Colombo
Sunday, May 18, 2025

පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන ශානිගෙන් විශේෂ හෙළිදරව්වක්

- Advertisement -

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සහ ඉන් අනතුරුව සිදුකෙරුණු පරීක්ෂණ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විශේෂ හෙළිදරව්වක් සිදුකර තිබෙනවා.

මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතාගේ ‘පාස්කු ඉරිදා ප්‍රහාරය,පාර රාජ්‍යයේ සෙවනැලි සහ නොවිසදුනු අභිරහස්’ යන කෘතිය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් ශානි අබේසේකර මහතා මේ බව සඳහන් කළා.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය තීරණාත්මක අවධියක තිබෙන විට හමුදා බුද්ධි අංශ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව නොමඟ යවා තිබීම පිළිබඳවත් බුද්ධි අංශ සහ ප්‍රහාරකයින් අතර ඇති තිබිය හැකි මූල්‍ය සබඳතා පිළිබඳවත් ශානි අබේසේකර මහතා මෙහිදී අවධාරණය කර සිටියා.

ඔහු සඳහන් කළේ, පාස්කු ඉරිදා ප්‍රහාරය කුමන්ත්‍රණකාරී පෙර හැසිරීමකින් මෙන්ම සංවිධානාතක්මක ස්වරූපයකින් සිදුවූවක් වන අතර එය හුදෙකලා සිදුවීමක් නොවන බවයි.

එය යම් කණ්ඩායමකගේ අවශ්‍යතාවය සිදු වී ඇති බව මේ වන විට අනාවරණය වී ඇති සාක්ෂි අනුව පැහැදිලිව පෙනී යන බවද ශානි අබේසේකර මහතා මෙහිදී සඳහන් කළා.

හමුදා බුද්ධි අංශ විසින් මෙම විමර්ශනවලදී අවස්ථා දෙකකදී ව්‍යාජ ලෙස සාක්ෂි ලබා දී ඇති බවද ඔහු මෙහිදී චෝදනා කර සිටියා.

එහි පළමු සිද්ධිය වන්නේ  දෙහිවලදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් මියගිය බෝම්බකරුගේ සිද්ධියයි.

බෝම්බකරුට හමුදා බුද්ධි අංශ සමඟ සම්බන්ධයක් තිබූ බවට එහිදී හෙළි වී තිබුණත් පසුව එම තොරතුරු වසන් කර ඇති බව ශානි අබේසේකර මහතා මෙහිදී සඳහන් කළා.

දෙවැනි සිද්ධිය වශයෙන් ශානි අබේසේකර මහතා වව්නතිව්හි සිදුවූ ඝාතනය පිළිබඳව විස්තරාත්මකව අදහස් දැක්වු අතර ඔහු සඳහන් කළේ මෙම ඝාතනය සම්බන්ධයෙන්ද බුද්ධි වාර්තා ලබා දීමේදීද හමුදා බුද්ධි අංශ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව නොමඟ යැවීමට උත්සාහ කර ඇති බවයි.

ප්‍රහාරවලට පෙර ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ ආයතනයක් විසින් වගකිව යුතු කණ්ඩායමකට යම් මූල්‍ය ප්‍රතිලාභ ලබාදී ඇති බව පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ හමුදා බුද්ධි අංශ ප්‍රධානියකු සාක්‍ෂි දෙමින් ප්‍රකාශ කර ඇති බවද ඔහු මෙහිදී අනාවරණය කළා.

විමර්ශනය සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමේදී හමුදා බුද්ධි අංශ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන දෙදෙනාම නොමඟ යවා ඇති බවත් ශානි අබේසේකර මහතා මෙහිදී අවධාරණය කළා.

එමෙන්ම, ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු එම විමර්ශනවලට බාධා කිරීම සම්බන්ධයෙන්ද කිරීම සම්බන්ධයෙන් ශානි අබේසේකර මහතා මෙහිදී රාජපක්ෂ පාලනයට චෝදනා එල්ල කළා.

එමෙන්ම, අගමැතිවරයා පත් කිරීමටත් පෙර තමාව ස්ථාන මාරු කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළ බවත් ශානි අබේසේකර මහතා මෙහිදී සඳහන් කළා.

ජාතික ජනබලවේගය පක්ෂයේ නව ආණ්ඩුව විසින් මෙම විමර්ශන සඳහා ප්‍රමුඛත්වය ලබා දෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බවත්, එබැවින් තමා ජනාධිපතිවරණයේදී ජාතික ජනබලවේගයට  සහය දීමට තීරණය කළ බවත් ශානි අබේසේකර මහතා තවදුරටත් පෙන්වා දුන්නා.

RECENT ARTICLES - SINHALA

විදුලි ගාස්තු සංශෝධනය ගැන ලංවිම කියන කතාව

යෝජිත නව විදුලි ගාස්තු සංශෝධනයට අනුව ගාස්තුව වැඩිවන නමුත්, එය මෙම වසර මුලදී පැවති විදුලි ගාස්තුවට වඩා අඩු අගයක් වනු ඇති බව ලංකා විදුලිබල...

නලින්ද ස්විට්සර්ලන්තයට

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (18) පෙරවරුවේ ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන වාර්ෂික මහා...

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව විමසිලිමත් බවින් සිටින ලෙසට අදාල...

POPULAR ARTICLES

විදුලි ගාස්තු සංශෝධනය ගැන ලංවිම කියන කතාව

යෝජිත නව විදුලි ගාස්තු සංශෝධනයට අනුව ගාස්තුව වැඩිවන නමුත්, එය මෙම වසර මුලදී පැවති විදුලි ගාස්තුවට වඩා අඩු අගයක් වනු ඇති බව ලංකා විදුලිබල...

කඩුවෙල මහේස්ත්‍රාත්වරියගේ සේවය අත්හිටුවලා

0
කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබන්ඩාර මහත්මියගේ සේවය අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබෙනවා. ඒ එම අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත්වරයෙක් සමඟ පැවති සබදතාවයක්,, ඇතැම් පාර්ශ්ව වෙත...

ඇමෙරිකාවේ සුළිකුණාටුවකින් 25ක් මරුට

අමෙරිකාවේ - කෙන්ටකි ප්‍රාන්තයට බලපෑ ටොනේඩෝ සුළිකුණාටුවකින් මේ වන විට පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බලපා ඇති සුළිකුණාටු තත්ත්වය හේතුවෙන් ප්‍රාන්තයේ...