32 C
Colombo
Friday, March 29, 2024

නීතිඥ සංගමෙන් විශේෂ ප්‍රකාශයක්

- Advertisement -

ශ්‍රී ලංකා පුරවැසියන් මෙම තීරණාත්මක අවස්ථාවේදී නීතියේ ආධිපත්‍යයට සහ ව්‍යවස්ථාවට ගරු කිරීම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කරනවා.

ශ්‍රී ලංකා නීතියේ ආධිපත්‍යය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලභාවය අඩපණ බව හැගවෙන ඇතැම් විරෝධතා කණ්ඩායම්වල කොටස්කරුවන් ඇතුළු විවිධ පාර්ශව සිදුකල ප්‍රකාශ සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කර සිටින්නේ.

පොලිස් මුලස්ථානය ඉදිරිපිටදී අරගලයට සම්බන්ධ පිරිසක් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සිදුකරනු ලැබු ප්‍රකාශයක් මේ වන විට සමාජ මාධ්‍ය තුල හුවමාරු වෙමින් පවතිනවා. එහිදී එම ප්‍රකාශය සිදුකරනු ලබන පුද්ගලයා සඳහන් කර සිටින්නේ ජුලි 09 වෙනිදායින් පසුව පවතින්නේ නව සම්මුතියක් බවයි.

ශ්‍රී ලංකාව පාලනය වන රාමුව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන නොසලකා හැරීම රටට හෝ එහි ජනතාවට හිතකර නොවන බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, එහි ආයතනවලට සහ නීතියේ ආධිපත්‍යයට ගරු කිරීම ප්‍රජාවගේ සහ එහි ජනතාවගේ ජිවිතයට අත්‍යවශ්‍ය වන බව රජයේ අඛන්ඩ කාර්යයන් සහතික කරන බවද නීතිඥ සංගමය අවධාරණය කර සිටිනවා.

පක්ෂ නායකයන් ඉදිරිපත් කර ඇති කෙටිකාලීන රාමුව පිළිගනිමින් සාමකාමී සහ සුමට බල සංක්‍රමණයක් සඳහා වන ඉල්ලීම නැවත අවධාරණය කරන බවද එහි සඳහන්.

මේ අතර ජනාධිපති මන්දිරය, අරලිය ගහ මන්දිරය ඇතුලූ ස්ථානවල සිදු වන විනාශකාරී ක්‍රියා පිළිබඳ දැඩි අවධානය යොමුකර ඇති බවත් අදාල ගොඩනැගිලිවල භාරකාරත්වය නිසි බලධාරීන්ට ලබාදෙන ලෙසත් එහි රැඳී සිටින පිරිස්වලින් නීතීඥ සංගමය ඉල්ලා සිටිනවා.


RECENT ARTICLES - SINHALA

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය...

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

ශ්‍රී පාද වන්දනාවේ ගිය විදේශිකයෙක් ප්‍රපාතයකට වැටිලා

රත්නපුර - ශ්‍රී පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදී ආරක්ෂිත වැටෙන් මිටර් 100ක පමණ ප්‍රපාතයට විදෙස් ජාතිකයෙක් ඇද වැටී තිබෙනවා. ඉන්දීය ජාතිකයෙකු වූ අදාළ විදේශිකයා පසුව...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...