33 C
Colombo
Thursday, March 28, 2024

රාජ්‍ය සේවක වැටුප් සහ දීමනා ගෙවන දවස ගැන මුදල් රාජ්‍ය ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

- Advertisement -

රාජ්‍ය සේවක වැටුප් ගෙවීම, විශ්‍රාම වැටුප් ගෙවීම හා සමෘද්ධි දීමනා ගෙවීම අප්‍රේල් මස 10 වනදාට පෙර සිදු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ රුවන්වැල්ල ප්‍රදේශයේ පැවැති වැඩසටහනකට එක්වෙමින් අනතුරුවයි.

එම කාර්යයන් සුවිශේෂී කළමනාකරණ වැඩපිළිවෙලක් තුළ සිදු කරනු ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

ඒ මහතා ප්‍රකාශ කරන්නේ කොතරම් දුෂ්කරතා පැවැතියත් මීට පෙර සිදුකළ ලෙසම සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් මෙම දීමනා ලබාදීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බවයි.

රුපියල් බිලියන 140ක පමණ මුදලක් ඊට වැය වන නමුත් අවශ්‍ය වුවහොත් පමණක් මුදල් අමාත්‍යාංශයේ ඇති ගිණුම් හා බැංකු අයිරා ආදිය අවශ්‍යය පරිදි කළමණාකරන කර වැටුප් හා දීමනා ගෙවීමට වැඩපිළිවෙලක් සකස් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

RECENT ARTICLES - SINHALA

අද රන් මිල

පසුගිය දිනවලට සාපේක්ෂව අද (28) දිනයේ රන් මිල තරමක ඉහළ අගයක් ගනු ලැබුවා. ඒ අනුව, කැරට් 22 යි ග්‍රෑම් 8ක මිල ප්‍රමාණය අද සටහන් වූයේ...

ෆෝන් එකට එන කාර්ගිල්ස් පණිවුඩය ගැන නිවේදනයක්

උත්සව සමයේදී ත්‍යාග ලබා දෙන බව පවසමින් Cargills FoodCity ආයතනයේ වෙළඳ නාමය යොදාගෙන සිදු කෙරෙන වංචාවක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙනවා. ජංගම දුරකථනවලට කෙටි පණිවිඩයක් වශයෙන්...

රජිව් ගාන්ධි ඝාතකයන් 03ක් ශ්‍රී ලංකාවට පිටුවහල් කරලා

රජිව් ගාන්ධි ඝාතන නඩුවේ වැරදිකරුවන් තිදෙනෙකු ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට තමිල්නාඩු රජය තීරණය කර තිබෙනවා. රජිව් ගාන්ධි ඝාතන නඩුවේ වරදකරුවන් වූ ශ්‍රීහරන් හෙවත් මුරුගන්,...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අවුරුද්දට කලින් මත්පැන් මිලේ වෙනසක්?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා බදුල්ල...

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...