27 C
Colombo
Saturday, June 10, 2023

අවුරුදු 15 බාලවයස්කාර දැරියව අපයෝජනය කළ පිරිස අතර විශේෂඥ වෛද්‍යවරයෙකුත්

- Advertisement -

අවුරුදු 15 ක දැරියක් අන්තර්ජාලය හරහා ලිංගික කටයුතුවලට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 33ක පුද්ගලයෙක් සහ විශේෂඥ වෛද්‍යවරයෙක්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරන්නේ කොළඹට ආසන්න රෝහලක සේවය කරන අදාළ වෛද්‍යවරයා අන්තර්ජාලය හරහා එම දැරියව ලබාගෙන අපයෝජනය කර ඇති බවට වන චෝදනාව මත බණ්ඩාරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි.

එම පුද්ගලයින් දෙදෙනා ද සමග මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් සංඛ්‍යාව 34 ක් බවද අජිත් රෝහණ මහතා සදහන් කරනවා.

අන්තර්ජාලය ඔස්සේ අලෙවි කර තිබූ එම දැරියව ලබාගෙන අපයෝජනය කිරීම සම්බන්ධයෙන් මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයෙකු ද මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු 45 හැවිරිදි මොහොමඩ් අෂ්මලි නැමැත්තෙකි.

ගල්කිස්ස ප්‍රදේශයේ වයස අවුරුදු 15ක එම දැරියව ලිංගික අපයෝජනය කිරීම සම්බන්ධයෙන් පසුගිය ජුනි මස 7 වනදා ගල්කිස්ස පොලීසිය මගින් ප්‍රථමයෙන් විමර්ශන ආරම්භ කර තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයින් අතර දැරියව විවිධ පාර්ශ්වයන් වෙත ලබාදුන් පුද්ගලයින්, ප්‍රවාහනය කළ පුද්ගලයින්, කාමර පහසුකම් ලබාදුන් පුද්ගලයින්, දැරියව අපයෝජනයට ලක් කළ පුද්ගලයින්, දැරියව අලෙවි කිරීමට වෙළෙඳ දැන්වීම් නිර්මාණය කළ පුද්ගලයින්, වෙබ් අඩවි පවත්වාගෙන ගිය පුද්ගලයින් වනවා.


RECENT ARTICLES - SINHALA

ජංගම දුරකථන සහ උපාංග වල මිල 20% කින් අඩු වන ලකුණු?

ජංගම දුරකථන සහ උපාංග වල මිල සියයට 20 කින් පමණ අඩු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ...

කිරින්ද වෙරළේදී තරුණියන් දෙදෙනෙකු රළ පහරට හසුවෙයි

කිරින්ද විහාරය ආසන්නයේදී මුහුදු රළ පහරට හසුවීමෙන් තරුණියක් අතුරුදහන්ව තවත් තරුණියක් මියගොස් තිබෙනවා. අද (09) උදෑසන කාලයේදී තරුණියන් තිදෙනෙකු...

විදේශගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 480 ක්

මැයි මාසයේදී විදේශගත ශ්‍රමිකයන් මෙරටට ඩොලර් මිලියන 480 කට වැඩි මුදල් ප්‍රමාණයක් එවා ඇති බව කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Consideration of ‘Casino Bill’ postponed until regulatory authority established

0
Consideration of Betting and Gaming Taxes (Amendment) Bill postponed until timeline for establishing regulatory authority is worked out, the Committee on Public...

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.