“මිස් ටීන් බොට්ස්වානා ඉන්ටනැෂනල් 2021” කිරුළ දිනා ගැනීමට ශ්‍රී ලංකේය තරුණියක් වන ගිම්හානි පෙරේරා සමත් වී තිබෙනවා.
එම තරඟය ඊයේ (19) දිනයේ පැවති අතර බොස්ට්වානා රාජ්‍යයේ පිළික්වේ පළාත නියෝජනය කරමිනුයි, ඇය මෙම තරගය සඳහා සහභාගී වී ඇත්තේ.
මූලික වටය සඳහා තරුණියන් 42ක් ඉදිරිපත්ව සිටි බවත් ඉන් අවසන් වටය සඳහා 14 දෙනෙකු තේරුණු බවත් ඇයගේ පියා පවසනවා.
මෙම ජයග්‍රහණයත් සමඟ ඉන්දියාවේ දී පැවැත්වෙන ජාත්‍යන්තර යෞවන රූප සුන්දරිය තේරීමේ තරගයට ද ඇය සහභාගී වීමට ද අවස්ථාව හිමිව තිබීම විශේෂත්වයක්.
“මගේ අභිප්‍රාය එම කිරුළ ජයගැනීමයි,” යැයි 17 හැවිරිදි ගිම්හානි සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් පවසා සිටිනවා
ව්‍යාපාරිකයෙක් වන ඇයගේ පියා බොස්ට්වානාවට පදිංචියට ගොස් ඇත්තේ 1990 වසරේදීයි.





