අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැසිකිළියක් තුළ තිබී වේදනානාශක ඖෂධ පෙති තොගයක් සොයා ගෙන තිබෙනවා.
අවස්ථා තුනකදී එලෙස වේදනානාශක ඖෂධ පෙති සොයාගත් බව පොලිසිය සඳහන් කරනවා.
එම ඖෂධ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් වන කුඩු සලිඳු සහ හරක්කටා යන සැකකරුවන් රඳවා සිටි කුටි ආශ්‍රීත වැසිකිළියකින් හමුවී තිබෙනවා.
සොයාගත් ඖෂධ වැඩිදුර විමර්ශනය සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළ බව පොලිසිය ප්‍රකාශ කළා.
මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලාගිය කොස්තාපල්වරයා රැඳි සිටි බැරැක්කයේ තිබි එම ඖෂධ හා සමාන වේදනා නාශක පෙති තොගයක් හමුවී තිබුණා.
පොලිසිය සඳහන් කළේ, නඳුන් චින්තකගේ හෙවත් හරක්කටාගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් පිරිසකට පොලිස් කොස්තාපල්වරයෙකු යොදවා කිරිටොෆි සහ තේ ලබා දීමේදී මෙම ඖෂධ පෙති කලවම් කර ලබා දී ඇතැයි සැකකරන බවයි.
එම සිද්ධියට සම්බන්ධ ටොෆි සහ තේ ලබාදුන් අදාළ කොස්තාපල්වරයා මේ වන විටත් අතුරුදන් බව පොලිසිය ප්‍රකාශ කළා.