29.5 C
Colombo
Wednesday, July 9, 2025

රාජ්‍ය ඇමති කෙනෙක් වතු බංගලාවකින් දොට්ට දාලා

- Advertisement -

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරුණාචලම් අරවින්ද කුමාර් මහතා අවසරයකින් තොරව 1987 වසරේ සිට තමන් සන්තකයේ තබාගෙන සිටි හැටන් වැවිලි සමාගමට අයත් ලිදුල හෙන්ෆොල්ඩ් වතුයායේ පිහිටි නිල නිවසක් නුවරඑලිය දිසා අධිකරණයේ නියෝගයක් මත ඊයේ (05) දින එම අධිකරණයේ රෙජිස්ටාර්වරිය සහ පිස්කල් නිලධාරින් විසින් වතු අධිකාරිවරයා වෙත යලිත් බාර දී තිබෙනවා.

අරවින්ද කුමාර් මහතා 1987 වසරේ එම වතුයායේ ප්‍රධාන ලිපිකරු වශයෙන් සේවය කළ අයෙක්.

වතුයායේ රැකියාව කළ කාලයේ දී හෙන්ෆොල්ඩ් වතුයායේ පාලන අධිකාරිය විසින් අරවින්ද කුමාර් මහාතට නිල නිවස වශයෙන් භාවිතා කිරිමට මෙම නිල නිවස ලබා දි තිබෙනවා.

ඔහු එම වතුයායේ සේවයෙන් ඉවත් විමෙන් පසු ඔහුට ලබා දි තිබු නිල නිවස ආපසු වතු යායට භාර නොදි එම නිවස අලුත්වැඩියා කර එහි රැදි සිටිම සම්බන්ධයෙන් වතු පාලන අධිකාරිය විසින් නුවරඑලිය දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.

නුවරඑලිය දිසා අධිකරණයේ දිර්ඝ කාලයක් විභාග වෙමින් පැවති නඩුවේ තින්දුවෙන් අරවින්ද කුමාර් මහතාට එම නිල නිවසෙන් ඉවත් වන ලෙසට නියෝග කර තිබෙනවා.

කෙසේ නමුත් මෙම තීන්දුව පිළිබඳව අරවින්ද කුමාර් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනාවක් ඉදිරිපත් කර තිබු අතර, ශ්‍රේෂ්ඨාධිකරණයෙන්ද ඔහුට එම නිවසෙන් ඉවත් වන ලෙසට තීන්දුව ලබා දී තිබෙනවා.

නුවරඑලිය දිසා අධිකරණයේ මහෙස්ත්‍රාත්වරියගේ නියෝගය මත එම අධිකරණයේ රෙජිස්ටාර්වරිය ඇතුළු පිසිකල් නිලධාරින් ලිදුල පොලිසියේ නිලධාරින්ගේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ එම නිවස වෙත පැමිණ නිවසේ තිබු අරවින්ද කුමාර් මහතාට අයත් පෞද්ගලික බඩු බාහිරාදිය සියල්ල ලැයිස්තුගත කර එහි පිටපතක් අධිකරණය භාරයේ තබා ගනිමින් එම නිවස සහ බඩු බාහිරාදිය එම වතුයායේ පාලන අධිකාරිය වෙත භාර දි ඇති බවට වාර්තා වෙනවා.

හෙන්ෆොල්ඩ් වතුයායේ පාලන අධිකාරිය පවසන්නේ අරවින්ද කුමාර් මහතා දේශපාලනයට පිවිසිමත් සමඟ දේශපාලනය බලය භාවිතා කරමින් එම නිල නිවසේ මෙතෙක් කාලයක් රැදි සිටි බවයි.

අධිකරණය මගින් වතු පාලන අධිකාරිය වෙත භාරදුන් නිල නිවස එම වතුයායේ සේවය කරන වෙනත් නිලධාරියෙකුට නිල නිවස වශයෙන් භාවිතා කිරිමට ලබාදෙන බවද වතුයායේ පාලන අධිකාරිය සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

රාජාංගණයේ හිමි ගැන මානසික වෛද්‍ය වාර්තාවක් ගන්න නියෝගයක්

අශෝභන සහ අශිෂ්ඨ වචන භාවිතා නොකරන ලෙසට ඇප කොන්දේසියක් පනවා ඇති රාජාංගණයේ සද්ධාරථන හිමියන් "රාජාංගණයේ හාමුදුරුවෝ" යන යූ ටියුබ් නාලිකාවේ පළකර ඇති වීඩියෝ තුළින්...

අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනුකාරක සභාව ප්‍රථමවරට රැස්වෙලා

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් පත්කරන ලද ‘අධ්‍යාපන සභාව’ පිහිටුවීම පිළිබඳ අනු කාරක සභාව ප්‍රථමවරට රැස්වුණා. ඒ...

වතුර පරිස්සමින් පාවිච්චි කරන්න

පවතින වියලි කාලගුණික තත්ත්ව හේතුවෙන් සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉතා කාරුණිකව...

POPULAR ARTICLES

රාජාංගණයේ හිමි ගැන මානසික වෛද්‍ය වාර්තාවක් ගන්න නියෝගයක්

අශෝභන සහ අශිෂ්ඨ වචන භාවිතා නොකරන ලෙසට ඇප කොන්දේසියක් පනවා ඇති රාජාංගණයේ සද්ධාරථන හිමියන් "රාජාංගණයේ හාමුදුරුවෝ" යන යූ ටියුබ් නාලිකාවේ පළකර ඇති වීඩියෝ තුළින්...

ඉන්දියාවේ පාලමක් කඩාවැටී පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පාලමක් කඩාවැටීමෙන් පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වසර 40ක් පැරණි මෙම පාලමෙහි කොටසක් කඩා වැටීමත් සමග ට්‍රක් රථ දෙකක්, මෝටර් රථයක්...

අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනුකාරක සභාව ප්‍රථමවරට රැස්වෙලා

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් පත්කරන ලද ‘අධ්‍යාපන සභාව’ පිහිටුවීම පිළිබඳ අනු කාරක සභාව ප්‍රථමවරට රැස්වුණා. ඒ...