30 C
Colombo
Tuesday, April 29, 2025

පුංචි ඡන්දය ගැන ප්‍රකාශයක්

- Advertisement -

පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු මේ වන විට බොහෝ දුරට සාමකාමීව සිදුවන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ, අපේක්ෂකයින් 71,000 කට අධික සංඛ්‍යාවක් තරඟ කළද, පොලිසියට ලැබී ඇත්තේ, පැමිණිලි 200 ක් පමණක් බවයි.

ඒ අතර ප්‍රචණ්ඩකාරී සිද්ධීන් 13 ක්ද වනවා.

එවැනි එක් සිද්ධියක් වූයේ දැරණියගල ප්‍රදේශයේ අපේක්ෂකයෙකුට පහර දීම වන අතර ඒ සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මැතිවරණ සම්බන්ධ පැමිණිලි සම්බන්ධයෙන් පොලිසිය අපේක්ෂකයින් 15 දෙනෙකු සහ පක්ෂ ආධාරකරුවන් 52 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවයි රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසන්නේ.

නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් කඩිනමින් ප්‍රතිචාර දැක්වීම අගය කළ රෝහණ හෙට්ටිආරච්චි මහතා අලුත් අවුරුදු සමයේදී ප්‍රධාන ඡන්ද දායකයින්ට අල්ලස් දීමේ උත්සාහයන් වාර්තා නොවූ බවද සඳහන් කළා.

එමෙන්ම උත්සව අවස්ථා ඡන්ද දායකයින්ට බලපෑම් කිරීම සඳහා යොදා ගැනීමෙන් වළකින ලෙසත් මැයි 6 වන දින පැවැත්වෙන මැතිවරණයට පෙර සාමකාමී ප්‍රචාරක කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමටත් රෝහණ හෙට්ටිආරච්චි මහතා අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටියා.

RECENT ARTICLES - SINHALA

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදය යථා තත්ත්වයට

මුහුදුබඩ මාර්ගයේ පැවති දුම්රිය ප්‍රමාදය මේ වනවිට යථාතත්වයට පත්ව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, ඉඳුරුව ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ පාලමක ඇතිවූ ගැටලුවක් හේතුවෙන් අද (29)...

30ක් රෝහලට යැවු බස් අනතුරක්

බෙලිඅත්ත, පොලිස් වසමේ හෙට්ටිආරච්චි වංගුව අසන්නයේදී පුද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 30 දෙනෙකු පමණ තුවාල ලබා...

මාස 8කට පෙර මිය ගිය සැක සිරුරක්

කැස්බෑවේ ප්‍රදේශයේ නිවසක් තුළ මාස 8ට පමණ පෙර මිය බවට සැක කෙරෙන පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. ඊයේ (28) රාත්‍රීයේ එම සිරුර සොයාගෙන තිබුණේ කැස්බෑව,...

POPULAR ARTICLES