31 C
Colombo
Friday, January 17, 2025

ශිෂ්‍යත්ව විභාගය ගැන විභාග කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්

- Advertisement -

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව අනුව වඩාත් වඩාත් සුදුසු විකල්පය පිළිබඳව විග්‍රහ කිරීමට තමාට යම් කාලයක් අවශ්‍ය බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.

අද (31) පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා.

පසුගියදා පැවැත්වුණ  05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූ ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු ලබාදීමට ගෙන තිබෙන තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ පිටු 68ක සමන්විත අදාළ නඩු තීන්දුව දීර්ඝව අධ්‍යනය කරමින් මේ සම්බන්ධයෙන් ගන්නා තීරණය කඩිනමින් දැනුම් දීමට අපේක්ෂා කරන බවයි.

එමෙන්ම, 6 ශ්‍රේණිය ආරම්භ කිරීමට නියමිතව තිබීම , දරුවන් ද්වියිතීක අධ්‍යාපනයට ඇතුළත් වීම ආදී සියලු කරුණු පිළිබඳව සලකා බලා කඩිනමින් මෙම කටයුතු අවසාන කර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල සහ කඩඉම් ලකුණු නිකුත් කිරීම සිදු කරන බවද අමිත් ජයසුන්දර මහතා පවසා සිටියා

RECENT ARTICLES - SINHALA

විදුලි ගාස්තු සංශෝධනය ගැන විශේෂ නිවේදනයක්

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් බලශක්ති අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ සඳහන් වන්නේ, ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම විසින් නිර්දේශ කර...

අධිකරණයට අපහාස කළාට සුදාට නඩුවක්

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රංගන ශිල්පී සුදත්ත තිලකසිරිට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබෙනවා. රංගන ශිල්පී සුදත්ත තිලකසිරි විසින් පවත්වාගෙන යනු ලබන යුටියුබ් නාලිකාවක...

කාදිනල්හිමිගේ පෙත්සමකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය තුළින් පරිසරයට හා ධීවරයින්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්...

POPULAR ARTICLES